Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

රජයේ සහ රජයේ අනුමත සියලු පාසල් 2022.08.15 වන සඳුදා දින සිට සතියේ දින පහම (05) සාමාන්‍ය වේලාවන් තුලදී එනම් පෙ.ව 7.30 සිට ප.ව 1.30 දක්වා පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරනය කර තිබේ.

ඒ් අනුව ප්‍රවාහන අපහසුතා සහිත ප්‍රදේශ වල විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ සිසුන් සඳහා සුදුසු ප්‍රවාහන වැඩපිළිවෙලක් සකස් කිරීම සඳහා සියළුම පළාත් බලධාරින් වෙත උපදෙස් ලබා දී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

2022.08.15 දිනෙන් ආරම්භ වන පාසල් සතිය තුල ප්‍රවාහන අපහසුතා තවදුරටත් බලපාන ගුරුවරුන් සහ සිසුන් සඳහා සුදුසු පරිදි විදුහල්පතිවරුන් විසින් සහන ලබා දිය යුතු අතර, එම සහන ලබා දිය යුතු ක්‍රමවේද පිළිබද පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂකවරුන් විසින් විදුහල්පතිවරුන් දැනුවත් කරනු ඇති බවද අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ඉදිරි තෙමසක කාලය තුල පාසල් කාලය විෂයය ඉගැන්වීම් සඳහාම යොදා ගත යුතු අතර, විෂය සමගාමී සහ විෂය බාහිර ක්‍රියාකාරකම් පාසල් කාලයෙන් පරිබාහිරව සිදු කිරීමටත් පාසල් වල පැවැත්වෙන උත්සව ආදිය තවදුරටත් සීමා කිරීමටත් වැඩිදුරටත් උපදෙස් ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි. 

2022.08.15 වන සඳුදා දින සිට පාසල් පැවැත්වීම පිළිබදව 2022.08.13 වන දින අධ්‍යාපන අමාත්‍යවරයා, අධ්‍යාපන ලේකම් සහ අමාත්‍යාංශයේ නිලධාරීන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී රැස් වී පළාත් අධ්‍යාපන ලේකම්වරුන් ද සම්බන්ධ කර ගනිමින් මෙම තිරණ ගත් බව අමාත්‍යාංශය වැඩිදුරටත් නිවේදනය කරයි.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.