සඳේ ජලය ගැන චීනයෙන් නව සොයා ගැනීමක්

2024 නොවැම්බර් මස 06 ප.ව. 07:54 - {{hitsCtrl.values.hits}}  

බීජිං, (Xinhua) --චීනයේ  Chang'e-5 මෙහෙයුම මගින් ලබා ගත් චන්ද්‍ර සාම්පල අධ්‍යයනය කිරීමෙන් පසු චන්ද්‍රයා මත කලින් සිතුවාට වඩා ජලය ඇති බවට චීන විද්‍යාඥයින් තහවුරු කර ගෙන තිබේ.

මෙම සොයා ගැනීම මත විද්‍යාඥයන් අනාවැකි පළ කරන්නේ චන්ද්‍රයාගේ උස් අක්ෂාංශ ප්‍රදේශයේ ප්‍රයෝජනයට ගත හැකි ජල සම්පත් විශාල ප්‍රමාණයක් පවතින බවයි.

සඳ මත මතුපිට ජලය පවතින බව විද්‍යාඥයන් මීට පෙර සොයා ගෙන තිබුණි. නමුත් ජලය සඳ මත රැඳෙන්නේ කෙසේද? චන්ද්‍ර පසෙහි කොපමණ ජලය තිබේද? ජලය අවකාශීයව බෙදා හරිනු ලබන්නේ කෙසේද? යන්න චීනයේ Chang'e-5 මෙහෙයුම මගින් චන්ද්‍ර පස් සාම්පල අධ්‍යයනයෙන් මෙම ප්‍රශ්නවලට නව මාවතක් හෙළිව තිබේ.

චීන විද්‍යා ඇකඩමිය (CAS) යටතේ ඇති ජාතික අභ්‍යවකාශ විද්‍යා මධ්‍යස්ථානයේ (NSSC) සහ භූ විද්‍යා හා භූ භෞතික විද්‍යා ආයතනයේ (IGG) විද්‍යාඥයින් විසින් එක්ව මෙහෙයවන ලද පර්යේෂණ කණ්ඩායම මේ පිළිබඳව ජාතික විද්‍යා ඇකඩමියේ Proceedings සඟරාවේ ප්‍රකාශයට පත් කළේය.

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...