Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ආගමට, දහමට ලැදි ආධ්‍යාත්මිකව පිරිපුන් පරපුරක් රටක භෞතික දියුණුවට සමගාමීව අනාගතයට දායාද කළයුතුව ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ශ්‍රී ලංකාව ගුණ දහමින් පොහොසත් රටක් බවට පත්ව ඇත්තේ බුදු දහම ප්‍රමුඛස්ථානයේ තබා ගනිමින් සෙසු ආගම් උගන්වන ආගමික සහජීවනය නිසා බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

දහම් පාසල් සහ පිරිවෙන් අධ්‍යාපනයේ උන්නතිය ඔස්සේ සාරධර්ම හා ගුණධර්ම පිරි ගමන් මගකට ශක්තිමත් අඩිතාලමක් දැමිය හැකි බව ජනාධිපතිවරයා කියා සිටී.

දහම් පාසල්, භික්ෂු අධ්‍යාපන, පිරිවෙන් හා බෞද්ධ විශ්ව විද්‍යාල රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව පෙරේදා (24දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව පැවසීය.

චිරාත් කාලයක් සාමකාමීව සහ සහජීවනයෙන් ජීවත් වූ ශ්‍රී ලාංකේය සමාජය තුළ අන්තවාදයෙන් තොර සැබෑ දහම් අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම සඳහා සෑම ආගමකම ලියාපදිංචි දහම්පාසල්වල අඩු පාඩු සම්පූර්ණ කිරීමටත්, නියාමනයටත් රාජ්‍ය අමාත්‍යාංශයේ පූර්ණ මැදිහත්වීම සිදු විය යුතුයැයි ජනාධිපතිතුමා අවධාරණය කළේය.

දහම් පාසල් ගුරුවරුන්ගේ අවශ්‍යතා හඳුනාගනිමින් ඔවුන් දිරි ගැන්වීමට කළ හැකි දේ සොයා බලා ක්‍රියාත්මක කරන්නැයි ජනාධිපතිවරයා උපදෙස් දෙනු ලැබීය.

විශ්ව විද්‍යාලවලට සහ රැකියාවලට බඳවා ගැනීමේ දී ධර්මාචාර්ය සහතිකයට වටිනාකමක් දීමේ හැකියාව දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරිණ. පිරිවෙන් සහ දහම්පාසල් පෙළ පොත් නැවත සංස්කරණයේ  අවශ්‍යතාව සහ පිරිවෙන් ගුරුවරුන් ලෙස සිටි පිරිස් මෙවර උපාධිධාරී රැකියා පත්වීම් ලබා ඇත්නම් ඔවුන් සේවය කළ පිරිවෙන්වලටම පත් කිරීම කෙරෙහි අවධානය යොමු විය.

භික්ෂුන් වහන්සේගේ ඉංග්‍රීසි, පරිගණක සහ තාක්ෂණික දැනුම වර්ධනය කිරීමට, පිරිවෙන් ගුරුවරුන්ගේ පත්වීම්, වැටුප් සහ දීමනා ගැටළු නිරාකරණයට සැලසුම් සහ යෝජනා  ඉදිරිපත් කරන්නැයි  ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

පිරිවෙන්වලට සංවර්ධන නිලධාරියෙකු සහ සුළු සේවකයින් රැකියා ලක්ෂයේ සහ උපාධිධාරී රැකියා වැඩසටහන යටතේ යොමු කිරීමටත් අවධානය යොමු විය.

 

 

 

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.