සරසවි අනධ්‍යන කාර්ය මණ්ඩලයට සුබ ආරංචියක්
- 2024-02-26 10:26:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
රාජ්‍ය විශ්ව විද්‍යාලවල අනධ්‍යයන කාර්ය මණ්ඩල සඳහා 2016 සිට තිබූ වැටුප් විෂමතාවය එනම් 107% වෙනුවට 92%ක් ලබා දීම පිළිබඳ වැටුප් විෂමතාව ඉවත් කිරීම සඳහා විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලවල වෘත්තීය සමිති, උසස් අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් සහ භාණ්ඩාගාර නිලධාරීන් එක්ව පැවති සාකච්ඡාවේ දී තීරණය කළ පරිදි පත් කරන ලද කමිටු වාර්තාව පදනම් කර ගනිමින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
ඒ අනුව අමාත්‍ය මණ්ඩල සංදේශය පිළිබඳ ප්‍රතිපත්තිමය තීන්දුවක් ගැනීම අධ්‍යාපන අමාත්‍යාංශය අපේක්ෂා කරන අතර ඉදිරි ආසන්නත ම කාලසීමාවේ දී ඊට අදාළ අමාත්‍ය මණ්ඩල තීරණ ලැබුනු පසුව ඒ අනුව කටයුතු කිරීමට අමාත්‍යාංශය ක්‍රියාකරනු ලබන බවද අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
Reply To:
Name - Reply Comment
0 Comments