සරසවි ප්‍රවේශලාභී සිසුන්ට සහන ගෙවීමේ ක්‍රමයට ලැප් ටොප් දීම ඇරඹේ
- 2021-02-09 22:28:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
විශ්ව විද්‍යාල ප්‍රවේශය අපේක්ෂිත සිසුන්ට සහන ගෙවීමේ ක්‍රමයට ලැප් ටොප් පරිගණක ප්‍රදානය කිරීමේ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ.
සමස්ත අධ්‍යාපන ක්‍රමය වර්තමාන අවශ්‍යතා අනුව ඩිජිටල්කරණය පිණිස “සෞභාග්‍යයේ දැක්මේ” අපේක්ෂාව පරිදි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, මහජන බැංකුවේ අනුග්‍රහයෙන් වැඩසටහන සැලසුම් කර තිබේ. මහජන බැංකුව ව්‍යාපෘතියට වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 03කි.
අන්තර්ජාල සබඳතාව, මෘදුකාංග පැකේජය සහ වසර 04ක වගකීමක් සහිතව ලැප් ටොප් පරිගණක පිරිනැමේ. පරිගණකයක වටිනාකම රුපියල් 80,000කි.
රැකියාවක් ලැබීමෙන් පසු මුළු වටිනාකම වසර 06කින් ගෙවා නිම කිරීමට හැකිවන පරිදි ණය පිරිනැමේ. ශිෂ්‍ය කාලය තුළ මසකට ගෙවිය යුතු මුදල රුපියල් 500කි.
2021 වසර සඳහා විශ්ව විද්‍යාලයට පිවිසෙන නවක ශිෂ්‍ය ශිෂ්‍යාවන් 06 දෙනෙකුට වැඩසටහන සංකේතවත් කරමින් ලිපි භාරදීම අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණ.


Reply To:
Name - Reply Comment
0 Comments