ස්පාටකස් සමුගනියි
- 2020-02-06 15:35:47
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හොලිවුඩ්හි දශක හතක් පුරා තම රංගන ප්‍රතිභාව විදහා දැක්වූ හොලිවුඩ් සුපිරි නළු කර්ක් ඩග්ලස් සිය ජීවන රඟමඩලෙන් නික්ම ගොස් තිබේ.
මිය යන විට ඔහු 103 වැනි වියේ පසුවූයේය.
1960දී ස්පාටකස් චිත්‍රපටයෙන් ඔහු ලොවපුරා ප්‍රසිද්ධියට පත්විය. මෙය බොක්ස් ඔෆිස් වාර්තා තබමින් තිරගත වූ චිත්‍රපටයකි.
1916 දී නිව්යෝර්ක් හි උපත ලැබූ ඔහු හොලිවුඩයේ "ස්වර්ණමය යුගය" තුළ ප්‍රසිද්ධියට පත්වූ අතර 1949 චැම්පියන් චිත්‍රපටය සඳහා ඔහුගේ පළමු ඔස්කාර් සම්මානය දිනා ගත්තේය.
ඔහු ඔස්කාර් සම්මානලාභී නළු මයිකල් ඩග්ලස්ගේ පියා ද විය.
මයිකල් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, “කිර්ක් ඩග්ලස් අද අප හැර ගිය බව මගේ සහෝදරයන් සහ මම ප්‍රකාශ කරන්නේ කනගාටුවෙනි. ”
"ලෝකයට, ඔහු පුරාවෘත්තයක්, චිත්‍රපටවල ස්වර්ණමය යුගයේ නළුවෙක් ... නමුත් මට සහ මගේ සහෝදරයන් වන ජොයෙල් සහ පීටර්ට ඔහු හුදෙක් පියාය" යනුවෙන් ඔහු සඳහන් කරයි.
Reply To:
Name - Reply Comment
0 Comments