සාගරික පරිසර පද්ධතිය සුරැකීමට නාවික හමුදාවෙන් තවත් පියවරක්
- 2020-01-12 16:59:02
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නාවික හමුදාව සාගරික පරිසර පද්ධති සුරැකීමේ තවත් පියවරක් වශයෙන් උතුරු මුහුදු වෙරළ තීරයේ කඩොලාන පැළ දහසක් රෝපණය කොට මුහුදු වෙරළ පිරිසිදු කිරිමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කොට ඇත. උතුරු නාවික විධානය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කළ මෙම වැඩසටහන පසුගිය 2019 වසරේ දෙසැම්බර් මස සිට මෙම වර්ෂයේ (2020) ජනවාරි මාසය වන තෙක් ක්‍රියාත්මක කර කඩොලාන පැළ දහසක් රෝපණය කිරීමට නාවික හමුදාව පියවර ගෙන ඇත.
ඒ අනුව උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා එළාර, කංචදේව සහ වේළුසුමන යන ආයතන කඩොලාන පැළ 300 බැගින් ද, ශ්‍රී ලංකා නාවික නෞකා ගෝඨයිම්බර ආයතනය කඩොලාන පැළ 100 ක් ද උතුරු අර්ධද්වීපයට අයත් කන්කසන්තුරෙයි ඇතුළු වෙරළ තීරය වටා රෝපණය කර පැළ දහසක සම්පුර්ණ කරන ලදී.
එමෙන්ම කන්කසන්තුරෙයි ඇතුළු මුහුදු වෙරළ තීරය සම්පූර්ණයෙන්ම පිරිසිදු කොට අලංකාරවත් මුහුදු වෙරළක් නිර්මාණය කිරිමටද නාවික හමුදා නිලධාරන් විසින් මේ දිනවල විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කොට ඇත. එම අවස්ථාවන් සඳහා නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් කපිල සමරවීර ඇතුළු නාවික හමුදා සෙබලුන් පිරිසක් සහභාගී වී සිටියහ.
Reply To:
Name - Reply Comment
0 Comments