සාපෙළ තවදුරටත් කල් යයි
- 2020-12-01 14:08:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වත්මන් තත්ත්වය මත සාමාන්‍ය පෙළ විභාගය නියමිත දිනයට පැවැත්වීම සුදුසු නොවන බවත් විභාගය පැවැත්වෙන නව දිනයන් සති 06 කට පෙර දැනුම් දීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජි.එල්.පිරිස් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේය.
දෙසැම්බර් මාසය පළමු සතිය වන විට අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පෙනී සිටින සිසු සිසුවියන්ට අධ්‍යාපනය ලබාදීම සඳහා පාසැල් සියල්ලම විවෘත කිරීමට හැකියාවක් නොමැති බැවින් මෙම තීරණය ගනු ලැබූ බවද ජී.එල්. පීරිස් මහතා පැවැසීය.
රටේ පවතින සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් සති දෙකකට වරක් සමාලෝචනය කොට සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමේ නව දිනයන් සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Reply To:
Name - Reply Comment
0 Comments