සාපෙළ හා උපෙළ විභාග වල වෙනසක්
- 2021-05-04 11:38:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අපොස සාමාන්‍ය පෙළ හා උසස්පෙළ විභාග පැවැත්වීමේ කාලසීමාවන් වෙනස් කර අවම කාලසීමාවක් තුළදී ප්‍රථම උපාධිය ලබා ගැනීමේ අවස්ථාව සිසුන් වෙත උදාකර දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
සාපෙළ විභාග ප්‍රථිපල නිකුත් කිරීම හා උසස්පෙළ පන්ති ආරම්භ කිරීම අතර ගතවන කාලය හා රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා සිසුන් තෝරා ගැනීම සඳහා ගතවන කාල සාමාන්‍ය යෙන් දීර්ඝ කාලසිමාවක් වෙයි.
සිසුන් පාසල් අධ්‍යාපනය සම්පූර්ණ කිරීමේදී ඔවුන්ගේ වයස අවුරුදු 19-20ක් හා ප්‍රථම උපාධිය සම්පූර්ණ කිරීමේදී වයස අවුරුදු 25-26ක් පමණ වෙයි.
මෙම විභාග ක්‍රමයේ පවතින ව්‍යුහාත්මක නොගලපීම්, පවත්නා තාක්ෂණික ක්‍රියාටිපාටිවලට සම්බන්ෂ පරිපාලන ප්‍රමාදයන් හේතුවෙන් උසස් අධ්‍යාපනය කඩිනමින් නිමකර රැකියා වෙළඳපොළට පිවිසීමට තරුණ තරුණියන්ට අනවශ්‍ය ලෙස කාලය වැය කිරීමට සිදුව තිබේ.
එම තත්ත්වය ඔවුන්ට පෞද්ගලිකව මෙන්ම සමස්තයක් ලෙස රටේ ආර්ථික සංවර්ධනයට අහිතකර ලෙස බලපාන බව පෙනී ගොස් තිබේ.
මෙම තත්ත්වයන් මග හැරීම සඳහා අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඉදිරිපත් කළ යෝජනා කිහිපයකට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
01 – 10 හා 11 ශ්‍රේණිවල විෂය මාලාව වසර 01ක් හා මාස 09ක කාලසීමාවක් වන සේ ප්‍රතිව්‍යුහ ගත කිරීම.
02 සාපෙළ විභාගය අගෝස්තු මාසයේදීත්, උපෙළ විභාගය දෙසැම්බර් මාසයේදීත් පැවැත්වීම හා එක් එක් විභාගයේ ප්‍රතිඵල මාස 3ක් තුළ නිකුත් කිරීම මගින් සමස්ත ක්‍රියාවලිය සඳහා දැනට ගතවනන මාස 45ක කාලසීමාව මාස 32ක් දක්වා අඩුකිරීම හා ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික විධිවිධාන සැලැස්වීම.
03 උසස් පෙළ ප්‍රථිඵල නැවත සෝදිසි කිරිමේ ක්‍රියාවලිය අවසන් වන තෙක් නොසිට Z අගය මත විශ්වවිද්‍යාල සඳහා සිසුන් තෝරා ගැනීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම.
04 නැවත සෝදිසි කිරීමේ ක්‍රියාවලිය තුළින් ප්‍රතිඵල උසස්වී ඇති සිසුන් සිටීන්ම නව කඩයිම් ලකුණු Z අගයන් ලබාදීම මගින් අදාළ උපාධි පාඨමාලා හැදෑරීම සඳහා ඔවුන්ට අවස්ථාව ලබාදීම හා එම ක්‍රමවේදය 2020 උසස් පෙළ සිට ක්‍රියාත්මක කිරීම.
Reply To:
Name - Reply Comment
0 Comments