සිංහරාජයට ආපු අමුත්තා
- 2021-12-05 16:54:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකාවෙන් මෙතෙක් කිසිම දිනක දැක නැති සංචාරක පක්ෂියකු සිංහරාජය ආශ්‍රිත මෝනින් සයිඩ් ප්‍රදේශයෙන් වාර්තා වූ බව ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය පවසයි.
මෙම පක්ෂි විශේෂය Delichon dasypus ලෙස සත්ව විද්‍යාත්මකව හඳුන්වන අතර Asian House Martin ලෙස ඉංග්‍රීසි බසින් හැඳින්වේ.
ඔවුන් කුඩා වැහි ලිහිණි විශේෂයකි. දිලිසෙන කළු නිල් පැහැති පියාපත් සහ සිරුරේ පිට පැත්තත් සුදු පැහැයට හුරු අළු පැහැති සිරුරේ යට කොටසත්, කැපී පෙනෙන සුදු පැහැති තලයක් සහිත වීමත් මොවුන් හඳුනාගැනීමට පහසුකරයි.
1850 වර්ෂයේ දී ප්‍රංශ ජාතික පක්ෂි විද්‍යාඥයකු වූ චාල්ස් බොනපාට් විසින් මෙම වැහි ලිහිණි විශේෂය මුල්වරට හඳුනාගෙන විද්‍යාත්මක නාමකරණය සිදුකර ඇත. දකුණු දිග ජපාන්‍ය, අග්නිදිග රුසියාව, මොංගෝලියාව, කොරියානු අර්ධද්වීපය යන ප්‍රදේශවල තම පැටවුන් බෝකරන මෙම පක්ෂි විශේෂය දකුණු ආසියාවේ ඉන්දියාවේ නැගෙනහිර ප්‍රදේශයේ ඇතැම් ස්ථානවල, නේපාලයේ, භූතානයේ, බංග්ලාදේශයේ දක්නට ලැබෙයි. එමෙන් ම ඔවුන් ඉන්දුනීසියාවෙන් ද වාර්තා වී ඇත.
ගාල්ල වනජීවී සරක්ෂණ සංගමය විසින් සිංහරාජ මෝනිං සයිඩ් ප්‍රදේශයේ පවත්වාගෙන යන ජෛව විවිධත්ව පර්යේෂණ හා කාලගුණ දත්ත නිරීක්ෂණ මධ්‍යස්ථානයේ පර්යේෂකයන් විසින් අද (05) මෙම විශේෂයේ කුරුල්ලන් දෙදෙනකු ප්‍රථම වරට නිරීක්ෂණය කර තිබේ.
මෙය Delichon dasypus හෙවත් Asian House Martin කුරුල්ලන් සංක්‍රමණික පක්ෂීන් ලෙස ශ්‍රී ලංකාවට පැමිණෙන බව තහවුරු වූ පළමු වාර්තාකිරීම බැවින් එය ලෝකයේ ම සත්ව විද්‍යාත්මකව වැදගත් අවස්ථාවකි.
සිරංගිකා ලොකුකරවිට
Reply To:
Name - Reply Comment
0 Comments