Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ඉන්දීය රජයේ ආධාර මත ජුලි මස වන විට සියලුම ලියාපදිංචි ආගමික ස්ථාන වෙත සුර්යය බලයෙන් විදුලිය ලබා දීමට අදාලව මූලික අදියරේ වැඩ කටයුතු ආරම්භ කිරීමට නියමිත බවත්, එතෙක් විදුලි බිල්පත ගෙවා ගැනීමට නොහැකිව බරපතළ ලෙස ප්‍රශ්න පවති නම් තමා වෙත දන්වන්නැයි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවැසීය.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ ඊයේ (28) පැවැති සමස්ත ලංකා සිල් මාතා ජාතික මණ්ඩල රැස්වීමේ  දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.

එසේම සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීම සඳහා වස විසෙන් තෝර දේශීය භෝග වගා කිරීම හා පරි‍භෝජනයට කාන්තා ප්‍රජාව වැඩි වශයෙන් උනන්දු කිරීම සම්බන්ධයෙන් කටයුතු සිදු කරන ලෙස අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ජාතික සිල්මාතා සංගමයේ ප්‍රධාන සභාපති ගරු පොළොන්නරුවේ ධම්මානන්දා මෑණියන් වහන්සේ ප්‍රමුඛ සිල්මාතාවරුන්ගෙන් එහිදී ඉල්ලීමක් ද සිදු කළේ ය.

එළැඹෙන වෙසක් සතිය තුළ සිදු කිරීමට නියමිත වැඩසටහන් අතුරින් හැකි පමණින් සරළව හා චාම් ලෙස මේ වැනි වැඩසටහන් ද සිදු කරන මෙන් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ ය.

සමස්ත ලංකා සිල් මාතා ජාතික මණ්ඩල සිල්මෑණිවරුන්, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම, කොමසාරිස් (සංවර්ධන හා ප්‍රගති පාලන) නිරංජ එස්.ජයකොඩි යන මහත්වරු සහ නිලධාරිහු පිරිසක් මෙම අවස්ථාවට එක්වුහ.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.