සිසුන් 200ට අඩු පාසල් ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම්
- 2021-10-20 20:41:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සිසුන් 200ට වඩා අඩුවෙන් සිටින පාසැල් හෙට දිනයේ ආරම්භ කිරීමට සියලු කටයුතු සුදානම් කෙරෙමින් පවතිනවා.
පාසැල් සුද්ධ පවිත්‍ර කරමින් දරුවන්ට නිදහසේ අධ්‍යාපනය ලබන්න පුළුවන් පරිසරයක් ගොඩනැගීමේ කටයුතු වල දෙමව්පියන් නිරත වෙමින් සිටිනවා.
කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් කලක් පුරා පාසල් වසා තැබීමට සිදු වුණා. එමෙන්ම ඇතැම් වෘත්තීය සමිතිවල ක්‍රියාකලාපය හේතුවෙන් දරුවන්ගේ අධ්‍යාපනය අඩාල වුණා. දීර්ඝ කාලයක් වසා තැබීම හේතුවෙන් පාසල් බොහොමයක් සුද්ධ පවිත්‍ර කිරීමට සිදුව තිබෙනවා. දෙමව්පියන් පාසල් සංවර්ධන සමිති මෙන්ම ප්‍රාදේශීය දේශපාලනඥයන්ගේද සහාය ඇතිව මේ දිනවල එම පාසල් පිරිසිදු කිරීමේ කටයුතු සිදු කෙරෙනවා.
උතුරු පළාතේ අදාළ පාසල් විවෘත කිරීම සදහා පිරිසිදු කිරීමේ කටයුතු මේ දිනවල සිදුවන බව සඳහන්ය. දරුවන්ට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් සැලසීම සදහාද දෙමව්පියන් වැඩි උනන්දුවකින් ක්‍රියා කරනවා.
බොහෝ පාසල්වල පිරිසිදු කිරීමේ කටයුතුවලට විදුහල්පතිවරුන් මෙන්ම ගුරුවරුන්ගේද ඉහළ දායකත්වයක් ලැබී තිබෙනවා.
Reply To:
Name - Reply Comment
0 Comments