සූර්ය පැනල නිෂ්පාදනයට පහසුකම් සැපයීමේ පුහුණු වැඩසටහනක්
- 2019-08-16 15:52:13
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බලශක්ති සංරක්ෂණ ක්‍රියාවලිය ප්‍රචලිත කිරීමේ අරමුණින් සූර්ය පැනල මූලාකෘති නිෂ්පාදනය සඳහා පහසුකම් සැපයීමේ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අධ්‍යාපනික පුහුණු වැඩසටහනක් රජය මඟින් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ. පස් අවුරුදු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 240 ක මුදලක් වෙන්කර ඇත.
ඒ අනුව සූර්ය පැනල නිෂ්පාදනය පිළිබඳ මූලාකෘතියක් නිර්මාණය කිරීම වෙනුවෙන් පර්යේෂණ හා සංවර්ධන පහසුකම් සැලසීම ව්‍යාපෘතියේ අරමුණක් වන අතර කැලණිය, යාපනය, පේරාදෙණිය සහ රුහුණු යන විශ්වවිද්‍යාල මගින් එය ක්‍රියාත්මක කෙරේ.
මෙම ව්‍යාපෘතිය යටතේ සූර්ය පැනල නඩත්තු කිරීම සහ අලුත්වැඩියා කිරීම පිළිබඳව NVQ මට්ටම - 4 වෘත්තීය සුදුසුකම සමග ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 2000 පුහුණු කිරීමේ වැඩසටහනක් සඳහා විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය, ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය (NAITA), ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමක් ද අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී සිදුකෙරිණි.
මෙම විෂය සම්බන්ධ පිළිගත් සුදුසුකම් සහිත ශ්‍රම බලකායක් ශ්‍රී ලංකාව තුළ නොමැතිවීමේ ගැටළුවට පිළියමක් ලෙස විධිමත් පුහුණුවක් හා පිළිගැනීමක් සහිත තාක්ෂණික ශිල්පීන් බිහිකිරීමට අවශ්‍ය පුහුණුවක් මේ යටතේ ලබාදීමට නියමිතය.
විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය මේ සඳහා ප්‍රතිපාදන ලබාදෙන අතර NAITA ආයතනය පුහුණු කිරීමේ කටයුතු සිදුකරනු ලබයි.
Reply To:
Name - Reply Comment
0 Comments