හය ශ්‍රේණියට සිසුන් ඇතුළත් ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් දැනුම්දීමක්
- 2025-10-15 13:17:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජාත්‍යන්තර සහ පෞද්ගලික පාසල්වල සිසුන්ට ද රජයේ පාසල්වල හයවැනි ශ්‍රේණියට ඇතුළත් වීමේ අවස්ථාව ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
එම සිසුන්ගේ වයස, සාධන මට්ටම සහ භාෂා හැකියාව රජයේ පාසල්වල ඉගෙනුම ලැබීමට ප්‍රමාණවත් ද යන්න තහවුරු කර ගැනීමේ වගකීම අයැදුම් කරන පාසල අයත් කලාපයේ අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට පැවරේ. තහවුරු කර ගැනීමෙන් පසු ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ලකුණු අනුව සිසුන් ඇතුළත් කිරීමෙන් පසු පුරප්පාඩු පවතී නම් එවැනි පාසල් සඳහා ඇතුළත් වීමට අවස්ථාව සලසා දිය හැකි බව අමාත්‍යාංශය පවසයි. මෙම චක්‍රලේඛය සැප්තැම්බර් මස 9 වැනිදා සිට ක්‍රියාත්මක වේ.
ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත හයවැනි ශ්‍රේණිය සඳහා අයැදුම් කිරීම සහ අභියාචනා ඉදිරිපත් කිරීම මාර් ග ගත පද්ධතිය මගින් අයැදුම් කළ යුතුය. පාසල් නාමලේඛන සහ මාර්ගගතව පාසල් අයැදුම් කිරීම සම්බන්ධ තාක්ෂණික උපදෙස් අමාත්‍යාංශ වෙබ් අඩවියේ සහ මාධ්‍ය මගින් පළ කෙරෙන බවත් එහි සඳහන්ව තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments