හවායි දූපත් වෙත සුනාමි රළ කඩා වදියි
- 2025-07-30 15:27:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ රික්ටර් මාපකයේ ඒකක 8.8ක ප්‍රබලත්වයෙන් යුතු කම්චැට්කා භූකම්පනය භූමිකම්පනය හේතුවෙන් අමෙරිකාවට අයත් හවායි දූපත් සහ ඇලෙස්කා කලාපවලට ද සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. හවායි දිවයිනටම සුනාමි බලපෑම් එල්ලවීමේ අවදානම හේතුවෙන් වෙරළාසන්න කලාප මඟහැර ජනතාව උස් බිම් වෙත යොමු කෙරුණි.
චීනයට, පේරු රාජ්‍යයට සහ ඉක්වදෝරයට රටවලටද සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. භූකම්පනය හේතුවෙන් කම්චැට්කා අර්ධද්වීපට අඩි 13ක් උස සුනාමි රළක් ද ඇති වුණි. USGS ට අනුව, රුසියාවේ පෙට්‍රොපව්ලොව්ස්ක්-කම්චැට්ස්කි සිට සැතපුම් 85ක් පමණ දුරින් භූමිකම්පාව කිලෝමීටර් 19ක් ගැඹුරට සිදුව ඇතැයි සදහන් වේ
බටහිර අමෙරිකානු වෙරළතීරයට මෙන්ම අමෙරිකාවට අයත් ගුවාම් සහ මයික්‍රොනීසියාවෙ හි ඇතැම් දූපත්වලට ද සුනාමි බලපෑම් එල්ලවනු ඇතැයි අනතුරු අගවා තිබේ. ජපානයට බලපෑ සුනාමි තත්ත්වය හේතුවෙන් ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයට මේ දක්වා කිසිදු බලපෑමක් සිදුව නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ටෝකියෝවට උතුරින් පිහිටි ෆැසිපික් වෙරළ තීරයේ සෙන්ඩායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙහි ධාවනය පථය වසා දැමීමට තීරණය කිරීමත් සමග ප්‍රවාහන කටයුතු අඬාල වෙමින් පවතින බව ජපාන මාධ්‍ය වාර්තා කර ඇත.
Reply To:
Name - Reply Comment
0 Comments