හැටන් බොස්කෝ විදුහලේ සිසුවෙකුටත් කොවිඩ්
- 2021-01-23 12:22:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හැටන් කලාප අධ්‍යාපන කර්යාලය යටතේ පාලනය වන හැටන් බොස්කෝ විද්‍යාලයේ 9 ඒ වසරේ අධ්‍යාපනය ලබන 14 හැවිරිදි පාසල් සිසුවෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්.ආර්.එස් මැදවෙල මහතා පැවසිය.
කොවිඩ් 19 වෛරසය අසාදනය වු සිසුවා (21) දින පාසල් වේලාව තුළ ඇද වැටිම නිසා එම පාසල් ඔහු ප්‍රතිකාර සඳහා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු රෝහලේදි සිදු කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාව අනුව කොවිඩ් 19 අසාදනය වී ඇති බවට ඊයේ (22) තහවුරු වු බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.
අසාදිත සිසුවාගේ පන්ති කාමරයේ සිසුන් 37 දෙනෙකු , අචාර්ය මණ්ඩලයේ 14 දෙනෙකු ,අසාදිත සිසුවාගේ මව සේවය කරන හැටන් කලාප අධ්‍යාපන කාර්යයාලයේ කාර්ය මණ්ඩලයේ 06 දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කර සිසුවා අධ්‍යාපනය ලැබු එම පාසලේ පන්ති කාමරය විෂබිජහරණය කිරිම සඳහා තාවකාලිකව වසා දැමූ බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේය.
Reply To:
Name - Reply Comment
0 Comments