හික්කඩුව සුමඟුල් දරුවෝ සුගතාභිවන්දනා සමරති

2025 ජුනි මස 16 පෙ.ව. 03:43 - {{hitsCtrl.values.hits}}  

හික්කඩුව ශ්‍රී සුමංගල මධ්‍යවිද්‍යාලයීය, අධ්‍යන අනධ්‍යන කාර්ය මණ්ඩලය සහ ආදි ශිෂ්‍ය සංගමය, මිතුරු හවුල  සහ විද්‍යාලයීය ආධ්‍යාත්මික සංවර්ධන කවය විසින් සංවිධානය කරනු ලැබූ බැති ගී සරණිය 2025.06.13 වන දින රාත්‍රියේ විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

විද්‍යාලයාධිපති ලුතිතන් දිනේෂ් කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මේ අවස්ථාවට සිසු දරු දැරියන්ගේ මෙන් ම ගුරුවරුන්ගේ,  ආදි ශිෂ්‍යශිෂ්‍යාවන්ගේ අපූර්ව ගායනයන් ද  බෞද්ධ නාට්‍යයන් ද  එක්ව තිබීම විශේෂත්වයක් වීය. 

විද්‍යාලයීය  සෞන්දර්ය අංශයේ මගපෙන්වීම මත සිසු දරු දැරියන්ගේ සහ දෙමාපියන්ගේ   දායකත්වය හිමි වූ සුගතාභිවන්දනා 2025 වැඩසටහන විද්‍යාලයීය ආචාර්ය මණ්ඩලයේ  ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනා මැද පැවැත්වුණු අතර
විද්‍යාලයීය ආදි ශිෂ්‍යයාවක වන ජනප්‍රිය ගායන ශිල්පිනී සචිනි තාරුකා මෙනවිය ද, ආදි ශිෂ්‍යශිෂ්‍යාවෝ ද, ප්‍රදේශවාසීහු රැසක් ද සහභාගි වූහ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...