Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ළමයින් ශ්‍රමිකයින් ලෙස යොදා ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 14 සිට 16 දක්වා ඉහළ නංවා තිබේ. 

ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපති, මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කර තිබේ.

ඒ අනුව වයස අවුරුදු 16ත් 18ත් අතර ළමයින්ගේ ජීවිතයට, සෞඛ්‍යයට, අධ්‍යාපනයට,සදාචාර වර්ධනයට අනතුරුදායි නොවන රැකියාවන්හී පමණක් ළමයින් යෙදවිය හැකිය.

එම ළමයින් අනාරක්ෂිත රැකියාවල හෝ රාත්‍රී සේවාවන්හි නිරත කළ නොහැකි බව ද සභාපතිවරයා සඳහන් කරයි.

එමෙන්ම ළමයින්ව සිඟමනේ යොදවන දෙමාපියන්ට හා තැරැව්කරුවන්ට විරුද්ධව දණ්ඩ නීති සංග්‍රහයේ 288 වගන්තිය යටතේ වසර 5ක බන්ධනාගාරගත කිරීමකින් දඩුවම් කළ හැකි බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

දරුවන්ව වීථී වෙළෙඳාමේ යෙදවීම, ඔවුන් ලවා සර්කස් ඇතුළු විනෝද ක්‍රීඩා සිදුකොට මුදල් ඉපයීම, ළමයින් ලවා මත්ද්‍රව්‍ය හා මත්පැන් විකිණීම, ළමයින් ගණිකා වෘත්තියේ යෙදවීම ආදිය අපරාධ නීතිය යටතේ වරදක් වන බව ද ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපතිවරයා සඳහන් කර තිබේ.

එමෙන්ම, සයිබර් තාක්ෂණය ඔස්සේ ළමයින් වාණිජ කටයුතු සඳහා යොදා ගන්නේ නම් එයද අපරාධ නීතිය යටතේ වරදක් බව ඔහු නිවේදනය කර ඇත.

ඕනෑම ස්ථානයක වයස අවුරුදු 16ට අඩු ළමයෙකු ශ්‍රමිකයෙකු ලෙස යොදාගන්නා බව හෝ අවුරුදු 16ත් 18ත් අතර ළමයින් අනතුරුදායී හා අනාරක්ෂිත රැකියාවන්හී යෝදවන බව ඔබට දැකගැනීමට ලැබේනම් ඒ පිළිබඳව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ 1929 ළමා උපකාරක දුරකථන සේවයට හෝ 1929 ළමා ආරක්ෂක යෙදවුමට (1929 Child Protection app ) දැනුම්දෙන මෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.