Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ශ්‍රී ලංකාව තුළ ළමයෙකු විය යුතු තැනැත්තෙකුගේ වයස අවුරුදු දහසයේ සිට දහඅට දක්වා ඉහළ නැංවිය යුතු බව ළමයින් සහ තරුණ තැනැත්තන් ආඥාපනත සංශෝධනය කිරීම සඳහා ඉදිරිපත් කොට ඇති  යෝජනා වල සඳහන් වේ.

මේ පිළිබඳව ස්ත්‍රී - පුරුෂ සමතාව සහ සමානාත්මතාවය තහවුරු කිරීමට සහ ඒ පිළිබඳව සොයා බලා සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරිම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (22) රැස්වූ අවස්ථාවේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිනි.

ඒ අනුව “ළමයින් සහ තරුණ තැනැත්තන් ආඥා පනත” යන වචන වෙනුවට “ළමා ආඥා පනත” ලෙස ද “ළමයින් සහ තරුණ තැනැත්තන්” යන වචන වෙනුවට “ළමයින්” ලෙසද සංශෝධනය කිරීමට මෙමගින් යෝජනා කොට තිබේ.

එසේම ප්‍රධාන ප්‍රඥප්තියට අමතරව වෙනත් යම් ලිඛිත නීතියක හෝ ප්‍රධාන ප්‍රඥප්තිය යටතේ සාදන ලද යම් නියෝගයක හෝ රීතියක හෝ දැන්වීමක, නිවේදනයක, ගිවිසුමක හෝ වෙනත් ලේඛනයක “තරුණ අය” යන වචන සඳහන් වන සෑම ස්ථානයකින්ම ඒ වචන ඉවත් කළ යුතු බවටද පනත් කෙටුම්පත මගින් යෝජනා කොට තිබේ.

එමෙන්ම ප්‍රධාන ප්‍රඥප්තියේ 71වන වගන්තියේ (6) වන උපවගන්තියේ ඇති  ‘මෙම කොටසේ ඇති කිසිවක් දරුවකුට හෝ තරුණයෙකුට දඬුවම් කිරීමට ඕනෑම දෙමාපියෙක්ටගුරුවරයෙකුට හෝ නීත්‍යනුකූල භාරකරුවකුට ඇති අයිතියට බලපාන ලෙස ගොඩනොනැගිය යුතු බවය’ යන්න  සංශෝධන පනත් කෙටුම්පත මගින් ඉවත් කර තිබේ.

23 වන අධිකාරය වූ ළමයින් සහ තරුණ තැනැත්තන් ආඥාපනතේ අරමුණ වන්නේ ළමයින්ගේ සහ තරුණයන්ගේ ආරක්ෂාව උදෙසා බාලවයස්කාර අපරාධකරුවන් අධීක්ෂණය කිරීම සඳහා බාලවයස්කාර අධිකරණ පිහිටුවීමට නියෝග සෑදීමය.

2022.07.18 දින නිකුත් කරන ලද ළමයින් සහ තරුණ තැනැත්තන් (සංශෝධන) පනත් කෙටුම්පත අනුව 23 වන අධිකාරය සංශෝධනය වන අතර, සංශෝධන ක්‍රියාත්මක වනුයේ අධිකරණ, බන්ධානාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා විසින් ගැසට් පත්‍රයේ පළ කරනු ලබන නියම කිරීමේ දිනයකදී ය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.