ෆයිසර් එන්නත අවුරුදු 5-11 දරුවන් සඳහා අනුමත කරයි
- 2021-11-01 14:34:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය (FDA) විසින් ෆයිසර්-බයෝඑන්ටෙක් කොවිඩ්-19 මර්දන එන්නත වයස අවුරුදු 5 සිට 11 දක්වා ළමයින් සඳහා හදිසි භාවිත අනුමැතිය ලබාදී තිබේ.
මෙම අවසරය පදනම් වී ඇත්තේ මෙම වයස් කාණ්ඩයේ ළමයින්ට එන්නත ලබාදීමට පක්ෂව වැඩි වශයෙන් ඡන්දය දුන් ස්වාධීන උපදේශක කමිටු ප්‍රවීණයන්ගේ අදහස් ඇතුළත් දත්ත පිළිබඳව, FDA හි පරිපූර්ණ සහ විනිවිදභාවයෙන් යුතු ඇගයීම මත බව නියෝජිතායතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
ඒ අනුව වයස අවුරුදු 5 සිට 11 දක්වා ළමයින් සඳහා ෆයිසර් එන්නත සති 3 ක පරතරයකින් මාත්‍රා දෙකක් ලබාදීමට අනුමැතිය ලබාදුන්නද, එය වයස අවුරුදු 12 සහ ඊට වැඩි අයට දෙන එන්නත් මාත්‍රාවට වඩා අඩු මාත්‍රාවකින් ලබාදෙනු ඇති බවද කියයි.
Reply To:
Name - Reply Comment
0 Comments