Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

සිතුවිලි සිත්තම් - 2025 සමස්ත ලංකා චිත්‍ර, පෝස්ටර් සහ කාටූන් තරඟාවලිය සඳහා නිර්මාණ කැඳවනු ලැබේ

 

"සිතුවිලි සිත්තම් - 2025"

ළමා අයිතිවාසිකම් සහ ළමා ආරක්ෂාව පිළිබඳ සිතුවිලි සිත්තම් - 2025 සමස්ත ලංකා චිත්‍ර, පොස්ටර් සහ කාටුන් තරඟාවලිය සඳහා නිර්මාණ කැඳවනු ලැබේ

 

2025 ඔක්තෝබර් මස 01 වන දිනට යෙදෙන ලෝක ළමා දිනය නිමිති කර ගනිමින් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් පස්වන වරටත් සංවිධානය කරන සිතුවිලි සිත්තම් - 2025 සමස්ත ලංකා චිත්‍ර, පොස්ටර් සහ කාටුන් තරඟාවලිය සඳහා නිර්මාණශීලී අදහස් තුළින් ලෝකය වෙනස් කිරීමට කැමති පිරිසෙන් නිර්මාණ කැඳවනු ලැබේ

මෙම තරඟය පාසල් හා විවෘත යන ප්‍රදාන අංශ දෙකක් යටතේ පැවැත්වේ .

• චිත්‍ර, පොස්ටර් සහ කාටුන් නිර්මාණ සඳහා ඒ4 ප්‍රමාණයේ කඩදාසියක් භාවිත කලයුතු අතර ඕනෑම මාධ්‍යක් යොදාගත හැක (පැස්ටල් හා දියසායම් වැනි )


• තරඟය සඳහා නිර්මාණ එවීමේ අවසන් දිනය 2025 ජූනි මස 30 වනදා වෙන බැවින් ඔබේ නිර්මාණ එදිනට හෝ එදිනට පෙර ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත තැපෑල මගින් හෝ ගෙනවිත් බාරදිය යුතුය.

• මේ පිළිබඳ වැඩි දුර තොරතුරු දැනගැනීම සඳහා පහත නිලධාරීන් සම්බන්ද කරගන්න


   සිංහල මාධ්‍ය විමසීම් - ධනුෂ්ක සේනාරත්න - 0715 789 775


   දමිල මාධ්‍ය විමසීම් - ආර්.රවිරාජ් - 0779 231 583

   වෙනත් විමසීම් - මාධ්‍ය ඒකකය - 0115 -77 89 11 (Ext : 181)

දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සේවය කරනු ලබන දිස්ත්‍රික් ළමා ආරක්ෂක නිලධාරී දිස්ත්‍රික් මනෝ සමාජීය නිලධාරී හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරනු ලබන ප්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරී

එවියුතු ලිපිනය : සභාපති ,ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, නො: 330 තවතුගොඩ පාර, මාදිවෙල ශ්‍රී ජයවර්ධනපුර

වැඩි දුර තොරතුරු සඳහා දැන්වීම බාගත කරන්න .
සිංහල

ඉංග්‍රීසි
 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.