Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

චයිනා ඩේලි පුවත් පතෙහි සත්කාරකත්වයෙන් පැවති “මගේ විශ්ව විද්‍යාල කතන්දරය”  නැමති ජාත්‍යන්තර තරගයෙන් චීනයේ යුන්නාන් විශ්ව විද්‍යාලයේ විදේශ භාෂා පාසලෙහි කථිකාචාර් ය සුගත් රත්නායක මහතා ප්‍රථම ස්ථානය හිමිකර ගෙන තිබේ. ඔහු මෙම ජයග්‍රහණය හිමිකර ගෙන ඇත්තේ රටවල් සහ කලාප115කින් ජාත්‍යාන්තර සිසුන්ගෙන් ලද ලිඛිත කෘති 1,078ක් සහ කෙටි වීඩියෝ 396ක් ඇතුළුව ඉදිරිපත්කිරිම් 1,474ක්අතුරිනි.

විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්ගෙන් සමන්විත විද්වත් මණ්ඩලයක් මගින් මෙම කෘති සමාලෝචනය කිරීමෙන් පසුව මූලික වටයේ දී කැපීපෙනුණු නිර්මාණ 91ක් තෝරා ගෙන ඇත.

එම විශිෂ්ඨ කෘති අතුරින් පළමු ස්ථාන 10ක්,දෙවැනි ස්ථාන 10ක් හා තෙවැනි ස්ථාන 20ක් තෝරාගෙන ඇත. ඊට අමතරව නිර්මාණ දෙකකට මහා (grand prize) ප්‍රදානය කර ඇති අතර, තවත් නිර්මාණ 49 කට විශිෂ්ටතා සම්මාන (excellenceaward) පිරිනමා තිබේ.

ඉංශ්‍රීසි හෝ චීනභාෂා ද්විත්වයෙන් මෙම තරඟය පැවැත්වුණේ චීනයේ දැනට ඉගෙනුම ලබන හෝ ඉගෙන ගත් ජාත්‍යාන්තර සිසුන් වෙනුවෙනි. මේ සඳහා පසුගිය අප්‍රේල් මාසයේ දී තරගකරුවන්ගෙන් රචනා, ඡායාරූප හා වීඩියෝ වශයෙන් කාණ්ඩ තුනකින් නිර්මාණ බාරගනු ලැබීය.

“මගේ චීන විශ්ව විද්‍යාල ගමන විදේශීය ගුරුවරයෙකුගේ දෘෂ්ටිකෝණයෙන්” යන තේමාව ඔස්සේ සුගත් රත්නායක මහතා සිය නිර්මාණය ඉදිරිපත් කර තිබිණ. චීනයේ යුන්නාන් විශ්ව විද්‍යාලයේ විදේශ භාෂා පාසලෙහි සිංහල අධ්‍යයන අංශයේ කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කරන ඔහු චීන ජාත්‍යාන්තර ගුවන් විදුලියෙහි සිංහල සේවයේ හිටපු උපදේශකවරයෙකි.  2021 වසරේදී China Daily සහ Bank of Chinaසත්කාරකත්වයෙන්පවත්වන ලද “China and me five years from now” ජාත්‍යන්තර රචනා තරගයෙන් ද ඔහු දෙවැනි ස්ථානය හිමිකර ගත්තේය.

චීනයේ යුන්නාන් පළාතේ මහජන රජයේ තොරතුරු කාර්යාලය, විදේශ රටවල් සමග මිත්‍රත්වය සඳහාවූ යුන්නාන් පළාත් ජනතා සංගමය සහ යුන්නාන් මුල්‍ය හා ආර්ථික විශ්ව විද්‍යලය එක්ව සංවිධානය කරන ලද "Love Yunnan i Yunnan" කෙටි වීඩියෝ සහ රචනා තරගයෙන් ද සුගත් රත්නායක මහතා විශිෂ්ටතා සම්මානයක් හිමිකර ගනු ලැබීය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.