Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මෙවර පාසල් නිල ඇඳුම්වලින් 50%ක් ප්‍රදානයක් වශයෙන් ලබා දීමට මුල දී එකඟතාව පළ කර තිබූ චීන රජය, තමන් අධ්‍යාපන අමාත්‍ය ධුරයට පත් වීමෙන් අනතුරු ව කරනු ලැබූ ඉල්ලීමට සාධනීය ප්‍රතිචාර දක්වමින් එම ප්‍රදානය 70% දක්වා වැඩි කළ බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පාසල් සිසුන්ට නොමිලේ නිල ඇඳුම් ලබා දීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ 2023 අධ්‍යයන වර්ෂයට අදාළ නිල ඇඳුම් බෙදාහැරීම සඳහා සපුගස්කන්ද ගබඩා සංකීර්ණයේ දී අද පැවති සමාරම්භක වැඩසටහනට සහභාගි වෙමිනි.

මෙම චීන පරිත්‍යාගයේ පළමු කොටස මීට මසකට ප්‍රථම මෙරටට ලැබුණු අතර සිසුන්ගේ වයස, අවශ්‍යතා හා වර්ණ අනුව ප්‍රමිතිගත ව ඇසුරුම් කර  ඇති එම තොග පහසුවෙන් බෙදාහැරිය හැකි බවත් මුලින් ම අගනුවරින් දුරබැහැර උතුර, නැගෙනහිර, උතුරු මැද, ඌව වැනි පළාත්වල දිස්ත්‍රික්ක සඳහා සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව හරහා   එම නිල ඇඳුම් බෙදාහරින බවත් අමාත්‍යවරයා මෙහි දී පැවසී ය.

දේශීය සැපයුම්කරුවන්ගෙන් ඉතිරි 30%ක නිල ඇඳුම් ප්‍රමාණය සපයා ගැනෙන අතර එම ප්‍රමාණ හා චීනයෙන් ලැබෙන ඉතිරි නිල ඇඳුනුත් දෙවනු ව වයඹ, මධ්‍යම, දකුණ හා බස්නාහිර යන පළාත්වලටත් වශයෙන් බෙදාහරිමින් ඉදිරි පාසල් වාරය ආරම්භ වීමට පෙර මෙම නිල ඇඳුම්  බෙදා අවසන් කිරීම රජයේ අපේක්ෂාවයි.

රජයේ පාසල්, රජයේ ආධාර ලබන පාසල් හා පිරිවෙන් සඳහා අවශ්‍ය නිල ඇඳුම් ප්‍රභේද 24ක් මෙසේ බෙදා හරිනු ලැබේ. පෙර වර්ෂවල මෙන් ම කිසි දු හිඟයකින් තොර ව සම්පූර්ණ නිල ඇඳුම් අවශ්‍යතාව ම සපුරාලන බවත් ඒ සඳහා චීනයෙන් ලද රුපියල් බිලියන 5.5ක නිල ඇඳුම් ප්‍රදානය ද ඇතුළු ව  සමස්ත වියදම රුපියල් බිලියන 7.8ක් බවත් මේ සියල්ල ආර්ථික අභියෝග රැසක් හමුවේ වුව අධික මූල්‍ය පිරිවැයක් දරමින් රජය ඉටු කරන බවත් අමාත්‍යවරයා සිහිපත් කළේ ය.

මුද්‍රිත පෙළ පොත් ලබාදීම වැනි මේ සෑම කාර්යයකට ම වැය වන්නේ රජයේ බදු මුදල් බව ජනතාව වටහාගත යුතු බවත් අමාත්‍යවරයා පැවසී ය.

   මෙහි දී වැඩි දුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, දෙස් විදෙස් සංවිධාන හා එක් ව පාසල් දිවා ආහාර වේල් ප්‍රමාණය 51%ක් දක්වා වැඩි කර ලබා දෙන්නේ ද රජය ජනතාව පෙළෙන ආර්ථික දුෂ්කරතා හොඳින් හඳුනන නිසා බවත් වෙනත් රටවල සහාය ලබාගනිමින් මේ ආර්ථික අර්බුදයෙන් ඉක්මනින් ගොඩ ඒමට රජය හැකි සෑම ප්‍රයත්නයක් ම දරමින් සිටින බවත් ය.­­

    එමෙන් ම ඉදිරියේ දී පාසල් දරුවන්ගෙන් 30%කට පාසල් උපකරණ ලබා දීමටත් දීපව්‍යාප්ත සතොස අළෙවිසල් හරහා 35%ක වට්ටමක් යටතේ රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ අභ්‍යාස පොත් සිසුන්ට ලබාගැනීමටත් ක්‍රමවේදයක් සකසා ඇති බව ද අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේ ය.

මෙහි දී චීන රජයේ ප්‍රදානය වෙනුවෙන් මෙන් ම ඉදිරියේ දීත් ශ්‍රී ලංකාවට අවශ්‍ය ආධාර ලබාදීමට කැමැත්ත ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ද චීන තානාපති චී. ෂෙන්හොන්ග් (Qi Zhenghong) මහතාට සුසිල් ප්‍රේමජයන්ත මහතා සිය කෘතවේදීත්වය පිරිනැමීය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.