1, 2 ශ්‍රේණි හා පෙරපාසල් විවෘත කිරීම අගෝස්තු 10දා
- 2020-07-02 10:20:03
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දිවයිනේ සියලු පාසල්වල 1 සහ 2 ශ්‍රේණි සහ දිවයින පුරා පිහිටි පෙරපාසල් අගෝස්තු මස 10 වැනි සඳුදා ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
සියලුම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල දෙවැනි වසර ශික්ෂණලාභීන් (2017/2019 කණ්ඩායම) සඳහා නේවාසික අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම ජූලි මස 07 සිට ජූලි මස 31 දක්වා සිදුකිරීමට නියමිතය.
සියලු ගුරු විද්‍යාලවල පළමු වසර හා දෙවැනි වසර ගුරු සිසුන් සඳහා අධ්‍යයන කටයුතු ජූලි මස 07 සිට ආරම්භ කිරීමටද අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.
ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල තෙවැනි වසර ශික්ෂණ ලාභීන් (2016/2018 කණ්ඩායම) තම සීමාවාසී පුහුණුව සම්පූර්ණ කිරීම සඳහා පාසල්වලට අනුයුක්ත කිරීමද ජුලි මස 07 දින සිට ජූලි මස 31 දින දක්වා සිදුකෙරේ. තවද අගෝස්තු මස 10 වැනි දින ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල දෙවන වසර ශික්ෂණලාභීන් (2017/2019 කණ්ඩායම) සීමාවාසී පුහුණුව සඳහා පාසල් වෙත අනුයුක්ත කිරීමටද කටයුතු යොදා තිබේ.
ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල පළමු වසර ශික්ෂණලාභීන්ගේ (2018/2020 කණ්ඩායම) නේවාසික අධ්‍යයන කටයුතු අගෝස්තු මස 17 වැනිදා ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ මාර්ගෝපදේශයන්ට යටත්ව මෙම සියලු කටයුතු සිදුකිරීමට නියමිත බවද අමාත්‍යාංශය සඳහන් කරයි.
Reply To:
Name - Reply Comment
0 Comments