Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

කෝවිඩ්-19 වසංගතය පැතිර යාමේ අවදානම හේතුවෙන් නිවාඩු ලබාදුන් 1, 2, 3, 4 සහ 5 ශ්‍රේණිවල සිසුන් සඳහා හෙට (08දා) සිට දිනපතා සාමාන්‍ය පරිදි යළිත් පාසල් ආරම්භ වේ.

මේ අනුව සියලුම ශ්‍රේණිවල සිසුන්ට පාසල් ආරම්භ කිරීමේ දෙවන අදියර ලෙස හෙට (08දා) සිට 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලුම සිසුන් පාසල් වෙත කැදවා තිබේ. 

කෝවිඩ්-19 වසංගතයේ පැතිර යාමේ අවදානමත් සමග නිවාඩු ලබාදුන් පළමු හා දෙවැනි ශ්‍රේණි සඳහා පාසල් මෙලෙස යළි ආරම්භ වන්නේ, මාස 6කට පසුවය. 3,4 හා 5 ශ්‍රේණිවල සිසුන් සදහා මින් පෙර අමාත්‍යංශය විසින් ලබාදුන් කාලසටහනට අනුව පාසල් පැවැත්විය.

හැකි උපරිම සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් කුඩාම දරුවන්ට පාසල් ආරම්භ කිරීමේ කටයුතු සැලසුම් කර ඇති බවත්, අද (07දා) එම ශ්‍රේණිවල ගුරුවරුන් හා අනධ්‍යයන කාර්යමණ්ඩල සේවයට කැඳවා ඇති බවත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය.

පළමු හා දෙවැනි ශ්‍රේණිවල සිසුන් සඳහා පාසල් ආරම්භ කිරීම පිළිබඳ %අද^ කළ විමසීමකදී ඒ මහතා මෙම අදහස් පළ කළේය.

කුඩාම දරුවන් පාසලට කැඳවීමේ යම් අවදානමක් පැවතියද සෞඛ්‍ය බලධාරීන්ගේද උපදෙස් ලබාගනිමින් සෞඛ්‍යාරක්‍ෂිතව හා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව මෙම කටයුතු සිදුකිරීමට තීරණය කළ බවත්, පළමු හා දෙවැනි ශ්‍රේණිවල සිසුන්ට තවදුරටත් පාසල් නිවාඩු ලබාදී තැබීම යෝග්‍ය නොවන බැවින් මෙම තීරණයට එළඹි බවත් ඒ මහතා ප්‍රකාශ කර සිටියේය. 

එසේම 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය සඳහා සිසුන්ට පසුගිය දෙවැනිදා පාසල් ආරම්භ විය‍. අදියර දෙකක් යටතේ පාසල් ආරම්භ කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ලබාදුන් උපදෙස් අනුව ඉකුත් දෙවනිදා එහි පළමු අදියර ලෙස 6සිට 13දක්වා සිසුන්ට පාසල් ආරම්භ කෙරුණි.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.