Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

නවතම යුනෙස්කෝ වාර්තා අනුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයකට එහා ගිය අධ්‍යාපන  පරිවර්තනයකට කඩිනමින් අප ගමන් කළ යුතු ව තිබෙන පසුබිමක අදියර කිහිපයක් ඉදිරියට යමින් ලබන අවුරුද්දේ දී 10 ශ්‍රේණියට කෘත්‍රීම බුද්ධිය විෂය ඉගැන්වීම ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

සියලු ම ගුරුවරුන් තාක්ෂණය සඳහා පුහුණු කළ යුතු ව ඇති බවත් පාසලෙන් ආරම්භ වී විශ්වවිද්‍යාල පද්ධතිය ඇතුළු සමස්ත        විශ්වවිද්‍යාල පද්ධතිය ම පෘථුල පරිවර්තනයකට ලක් කළ යුතු බවත් හෙතෙම පැවසී ය.

එසේම වර්තමාන විවිධ සමාජ ක්‍රියාකාරකම්වලින් විශේෂයෙන් අර්ධ නාගරික හා නාගරික  ප්‍රදේශවල දරුවන් ඇතුළු තරුණ කොටස් ආරක්ෂා කරගැනිමේ අභියෝගයකට ද අප මුහුණ දී සිටින බව අමාත්‍යවරයා පෙවන්වා දුන්නේය. ඒ අනුව පාසලට නොපැමිණිය යුතු නුසුදුසු ආහාර ආදී විවිධ භාවිතයන් හා සිරිත් පාසල්වලට පැමිණීම වළක්වා ගැනීම සඳහා කොළඹ පාසල් එකසිය හතළිස් හතරේ ම ගුරුවරුන්ගේ සහභාගීත්වයෙන් වැඩමුළුවක් ආරම්භ කළ බව පැවසූ අමාත්‍යවරයා එම ගුරුවරුන් උපදේශනය සඳහා යොදවා ගන්නා බවත් ප්‍රාදේශීය ලේකම්   කාර්යාලවල සිටින පුහුණු උපදේශකවරුන්ගේ සහාය ද මීට ලබා ගන්නා බවත් පැවසී ය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කොළඹ කලාපයේ පැවති, එම කලාපයේ තෝරාගත් පෝෂණ අවශ්‍යතා  සහිත පාසල් සඳහා දිවා ආහාරය සකසා ගැනීමට අවශ්‍ය ඉවුම් පිහුම් කට්ටල ලබාදීමේ උත්සවයකට එක්වෙමිනි. අමාත්‍යවරයාගේ ඉල්ලිම පරිදි කඩුවෙල ඇලුමිනියම් කර්මාන්ත සංගමය මෙම උපකරණ පරිත්‍යාග කරන ලදි. නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන ඉදිරියේ දී දිපව්‍යාප්ත මට්ටමින් ක්‍රියාත්මක කිරීමට නියමිත ය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.