ආපදාවෙන් පීඩාවට පත් පාසල් දරුවන්ට නිල ඇඳුම්, පෙළ පොත්
- 2017-06-12 12:28:50
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඒ අනුව, එක් සිසුදරුවකුට රුපියල් 10,000 කට ආසන්න වටිනාකමින් යුත් ද්‍රව්‍ය ඇතුළත් සහන පැකේජයක් බැගින් පීඩාවට පත් සියලු දරුවන් වෙත ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පියවර ගෙන ඇති අතර, ජාතික පාසල් සහ ප්‍රධාන පෙළේ ව්‍යාපාරික ආයතන අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ මෙම වැඩපිළිවෙළ සමඟ එක් විය.
ඒ අනුව, පසුගිය බදාදා දින සිට අධ්‍යාපන අමාත්‍යාංශය වෙත දිවයින පුරා ජාතික පාසල් රැසක් පාසල් මට්ටමින් එක් රැස් කළ ද්‍රව්‍යමය ආධාර අධ්‍යාපන අමාත්‍යාංශයට ගෙනැවිත් භාරදෙනු ලැබීය.
මෙම සහනාධාර විධිමත්ව වර්ගකර, නිසි පරිදි බෙදාහැරීම සඳහා යලි ඇසුරුම් කිරීමේ කටයුතුවල අවසන් අදියර මේ වනවිට ක්‍රියාත්මකයි.
අධ්‍යාපන අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය මෙන්ම පාසල් සිසුන්ගේ ද සහභාගීත්වයෙන් මෙම ඇසුරුම් කටයුතු මේ වනවිට කඩිනමින් ක්‍රියාත්මකව පවතිනවා. අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දරුවන්ට ලබාදෙන සහන පැකේජයට නිල ඇඳුම් රෙදි කට්ටල 03ක්, සපත්තු වවුචරයක්, පෙළ පොත් සහ අභ්‍යාස පොත් ඇතුළත් වෙයි.
මේ හා සමගාමීව ජාතික පාසල් විසින් සහ ව්‍යාපාරික ආයතන විසින් පාසල් දරුවන්ට අත්‍යවශ්‍ය වන පාසල් බෑග්, කෑම පෙට්ටි, වතුර බෝතල්, ඇඳුම් පැළඳුම්, අභ්‍යාස පොත්, සනීපාරක්ෂක ද්‍රව්‍ය ඇතුළු ද්‍රව්‍යමය ආධාර රැසක් ද ලබාදී ඇති අතර, එම ද්‍රව්‍ය ද මෙම සහන පැකේජයට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ. ඉදිරි සති කිහිපය තුළ ආපදා තත්වය හේතුවෙන් පීඩාවට පත් පාසල් දරුවන් වෙත මෙම ද්‍රව්‍ය බෙදාහැරීමට සැලසුම් කර ඇත.
(ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව)
Reply To:
Name - Reply Comment
0 Comments