Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මධ්‍යම පරිසර අධිකාරිය, අධ්‍යාපන අමාත්‍යාංශය හා එක්ව මෙරට පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක කරන“ජාතික පරිසර නියමු වැඩසටහනේ”, “පරිසර නියමු දකුණු පළාත් කඳවුර” 2025 ඔක්තෝම්බර් මස 08, 09 සහ 10 යනදිනයන්හිදී පැවැත්වීමට මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු යොදා ඇත.

ගාල්ල, මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක තුනේ රජත පදක්කම් (Silver Medal) ලබගත් පරිසර නියමුවන් එකසිය හතළිස් දෙදෙනෙකුගේ (142) සහ ගුරුමහත්ම මහත්මීන් තිස්දෙනෙකුගේ (30) සහභාගීත්වයෙන් ගාල්ල, වක්වැල්ල කළමනාකරණ පුහුණු මධ්‍යස්ථානයේ දී මෙම කඳවුර පැවැත්වීමට නියමිතය. කඳවුර පවත්වන දින තුනක කාලයේ දී පරිසර නියමු ස්වර්ණ වර්ණ පදක්කම් ප්‍රදානය සිදුකිරීමට කටයුතු යොදා ඇති අතර නායකත්ව පුහුණු වැඩසටහනක්, පරිසර නියමු දරුවන් විසින් නිපදවනු ලැබූ පරිසරහිතකාමී නව නිපැයුම් ප්‍රදර්ශනයක්, හියාර පරිසරපද්ධතියේ පරිසර අධ්‍යාපන වැඩසටහනක්, පාරිසරික ආකල්ප වර්ධනය කිරීම සඳහා වැඩමුළු, යෝගී භාවනා වැඩසටහනක්, සංස්කෘතික පරිසර ගී සැදෑවක් සහ ශාරීරික සුවතා වැඩසටහනක් පැවැත්වීමට කටයුතු සූදානම්කර ඇත. දරුවන්ගේ පාරිසරික දැනුම වර්ධනය කරමින්පරිසර සංරක්ෂණ ක්‍රියාකාරකම් වෙත ප්‍රායෝගිකව යොමු කිරීම වැඩසටහනේ අරමුණයි. 11 වන වරටපවත්වනු ලබන“පරිසර නියමු දකුණු පළාත් කඳවුර” මධ්‍යම පරිසර අධිකාරියේ දකුණු පළාත් කාර්යාලය විසින් සංවිධානකරනු ලබයි.

File photo

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.