සමෘද්ධි ළමුන් 25කට ජපන් අධ්‍යාපන වරම්
- 2017-07-31 15:28:02
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සමෘද්ධි ලාභී පවුල් වල උසස් පෙළ සමත් සිසු සිසුවියන් 25 දෙනෙකුට ජපන් භාෂාව පිළිබඳ වසර 02ක ඩිප්ලෝමා පාඨමාලාවක් ජපානයේදී හැදෑරීමට අවස්ථාව ලැබී තිබේ.
සමාජ සවිබල ගැන්වීම්, සුබ සාධන හා කඳුරට උරුමයන් පිළිබඳ අමාත්‍ය එස්.බී.දිසානායක මහතාගේ උපදෙස් මත දිවයින පුරා විසිරී සිටින සමෘද්ධි ලාභී පවුල්වලින් තෝරා ගත් මෙම පිරිසට සිසුන් 09ක් හා සිසුවියන් 16ක් ඇතුළත් වේ.
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ ඇති සමාජ ආරක්ෂණ අරමුදල විසින් මෙම සිසුන් වෙනුවෙන් එක් අයෙකුට රුපියල් ලක්ෂ 18 බැගින් රුපියල් ලක්ෂ450ක් වැය කිරීමට නියමිත බව සමෘද්ධි අධ්‍යක්ෂ ජෙනරාල් නීල් හපුහින්න මහතා පවසයි.
ජපන් භාෂාව හදාරන අතරතුර ජපානයේදී මෙම සිසුන්ට අර්ධ කාලීන රැකියා වල නිරත වීමට හැකිවන බවත්, වසර 02 අවසන් වීමෙන් පසු ජපානයේ පූර්ණකාලීන රැකියාවල නිරත වීමට මෙම පිරිසට ඉඩ ලැබෙන බවත් අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කළේය.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments