ලොව විශාලම මගී ගුවන් යානයක් ශ්‍රී ලංකාවට පැමිණෙයි
- 2017-08-14 17:33:21
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලෝකයේ විශාලතම මගී ගුවන් යානයක් වන එමිරේට්ස් ගුවන් සමාගමට අයත් ඒ - 380 වර්ගයේ ගුවන්යානයක් අද (14දා) කටුනායක ගුවන් තොටුපලවෙත පැමිණි බව කටුනායක ගුවන් තොටුපල බලධාරීහු සඳහන් කරති.
ඒ අනුව ඩුබායි සිට අද පස්වරු 04.30ට පැමිණි මෙම ගුවන් යානය අපහසුතාවයකින් තොරව මෙරටට ගොඩබෑම සිදුකළ බවත් එහි බලධාරීහු පවසති.
මෙම වසරේ මුල සිදුකළ ගුවන් ධාවන පථයේ නවීකරණයත් සමග ලොව විශාලතම ගුවන් යානා මෙරටදී හැසිරවිය හැකි බව ලෝකයට ප්‍රකාශ කිරීම සඳහා මෙය අවස්ථාවක් කරගන්නා බව කටුනායක ගුවන් තොටුපළ බලධාරීහු වැඩිදුරටත් ප්‍රකාශ කරති.
Reply To:
Name - Reply Comment
0 Comments