තහනම් පොලිතීන් වැටලීම් ඇරඹේ
- 2018-01-04 12:34:33
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නිතීය නොතකා සිදුකෙරෙන තහනම් පොලිතීන් නිෂ්පාදන ආනයනයන්, නිෂ්පාදනය ගබඩා කිරීම් හා භාවිතය සම්බන්ධයෙන් අදාළ විමර්ශන හා වැටලීම් මේ වන විට සිදුකිරීමට මධ්‍යම පරිසර අධිකාරිය විසින් කටයුතු යොදා ඇති අතර, එහි ප්‍රථම විමර්ශන හා වැටලීම් (03)දා පිටකොටුව වේල්ල වීදීය, පිපල්ස් පාර්ක් වෙළඳ සංකිර්ණය, අවට ප්‍රදේශ මෙන්ම දෙමටගොඩ ප්‍රදේශයේද වෙළඳසැල් හා නිෂ්පාදන ආයතන කේන්ද්‍ර කර ගනිමින් සිදු කරන ලදි.
අදාළ මිනුම් උපකරණ යොදා ගනිමින් විමර්ශන කණ්ඩායම් විසින් පරික්ෂාවන් සිදුකරන ලද අතර, බොහෝ වෙළඳසැල් තහනම් කරන ලද පොලිතීන් වෙනුවට දිරාපත්වන පොලිතීන් ආශ්‍රිත නිෂ්පාදන/ ඇසුරුම් භාවිතා කරන බවට නිරික්ෂණය කළ හැකි විය. වෙළඳසැල් කිහිපයක පමණක් තහනම් කරන ලද පොලිතීන් ආශ්‍රිත නිෂ්පාදන හා ඇසුරුම් තවදුරටත් භාවිතා කරමින් සිටින බව තහවුරු වූ අතර, එම නිෂ්පාදනයන් වහාම අත්අඩංගුවට ගැනීමටත්, එම වෙළෙදසැල් හිමියන්ට එරෙහිව නීතිමය පියවර ගැන්මටත්, මධ්‍යම පරිසර අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් කටයුතු කරන ලදී.
දෙමටගොඩ ප්‍රදේශයේ පිහිටි පොලිතීන් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවකින් ද නිත්‍යානුකූල නොවන පොලිතීන් ආශ්‍රිත නිෂ්පාදනයන් සිදුකරන බව අනාවරණය වු අතර, එම කර්මාන්ත ශාලා හිමියන්ට එරෙහිව ද නිතීමය පියවර ගැනිමට කටයුතු කරන ලදී.
තහනම් පොලිතීන් නිෂ්පාදන විමර්ශන හා වැටලිම් ගම්පහ, ගනේමුල්ල හා යක්කල ප්‍රදේශ ද කේන්ද්‍ර කර ගනිමින් සිදු කෙරුණු අතර, එම වෙළෙඳසැල්වල තහනම් පොලිතීන් වෙනුවට දිරාපත් වන පොලිතීන් ආශ්‍රිත නිෂ්පාදන/ ඇසුරුම් භාවිතා කරන බව අනාවරණය විය. වෙළෙඳසැල් කිහිපයක පමණක් සැක කටයුතු නිෂ්පාදන හඳුනා ගැනුනු අතර, ඒවා වැඩිදුර පරීක්ෂණ සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ භාරයට ගන්නා ලදි. මෙම මාසය තුළ මුළු දිවයිනම ආවරණය වන පරිදි වැටලීම් කටයුතු සිදුකිරීමට මධ්‍යම පරිසර අධිකාරියේ අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකය කටයුතු යොදා ඇත.
මෙම විමර්ශන කටයුතු සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ඉංජි. උපාලි ඉන්ද්‍රරත්න, බස්නාහිර පළාත් අධ්‍යක්ෂ එච්. එස්. ප්‍රේමචන්ද්‍ර, අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ අජිත් විරසුන්දර ඇතුළු නිලධාරින් හා පරිසර පොලිස් ඒකකයේ නිලධාරින් ද සහභාගී වූහ.
(රජයේ නිල පුවත් සේවය)
Reply To:
Name - Reply Comment
0 Comments