2017 ඇස්මෙක් සමුළුව ගන්නෝරුවේදී
- 2017-03-14 13:38:27
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂී විද්‍යාඥයන්ගේ නවතම පර්යේෂණ ප්‍රතිඵල එළිදකින වාර්ෂික සුළු අපනයන බෝග පර්යේෂණ සමුළුව ( ASMEC – 2017 ) සහ කෘෂිකාර්මික ප්‍රදර්ශනය ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ගන්නෝරුව පැළෑටි ජාන සම්පත් මධ්‍යස්ථානයේදී අනිද්දා (16) සහ 17 දිනවලදී පැවැත්වෙන බව මහනුවර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
මෙම දිනවල පෙ.ව. 9.00 සිට ප.ව. 5.00 දක්වා මෙම සමුළුව පැවැත්වෙන අතර සිවුවැනි වරටත් සංවිධානය කරනු ලබන්නේ අපනයන කෘෂිකාර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ අංශය මගිනි. මෙවර එහි තේමාව වන්නේ ‘හරිත ලොවක් සදහා අපනයන කෘෂි බෝග’ යන්නයි.
මෙහිදී එළිදක්වනු ලබන පර්යේෂණවල තොරතුරු කුළුබඩු හා අපනයන ක්ෂේත්‍රයේ නියැළී සිටින ගොවි මහත්වරුන්ට අපනයන කරුවන් සැපැයුම් කරුවන් ඇතුළු ව්‍යාපාරික ප්‍රජාවට මෙන්ම පර්යේෂණ ක්ෂේත්‍රයේ නියැලි සිටින පර්යේෂකයන්ට, විද්‍යාඥයන්ට හා විශ්වවිද්‍යාල ප්‍රජාවටද වැදගත් වේ.
මෙම සමුළුවේදී අපනයන කෘෂී ප්‍රභේද, නව බෝග ප්‍රවාරණ ක්‍රමවේද, කුළුබඩු සකස් කිරිමේ හා වියළීමේ යන්ත්‍ර සුත්‍ර, කුළු බඩු ආශ්‍රිත ආහාර වර්ග සැකසීම, ආදී තොරතුරු රැසක් ලබාගත හැකිය.
Reply To:
Name - Reply Comment
0 Comments