2017 ජනාධිපති පරිසර සම්මාන උලෙළ ජනපති ප්‍රධානත්වයෙන්
- 2017-10-16 17:56:13
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
Sri Lanka NEXT නීල හරිත යුගයක් ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවය සහ 2017 ජනාධිපති පරිසර සම්මාන උලෙළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16දා) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.
නීල හරිත යුගයක් ජාතික වැඩසටහන අද (17දා) දිනයේද බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ. මෙම වැඩසටහනට සමගාමීව දේශන, සම්මන්ත්‍රණ හා සංවාද ඇතුළු වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ.
2015 වසරේ පැරිස් නුවර පැවැති එක්සත් ජාතීන්ගේ ලෝක දේශගුණික විපර්යාස පිළිබඳ රාජ්‍ය නායක සමුළුවේදී ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම පාලනය කිරීම සඳහා ගත හැකි සෑම පියවරක්ම ගැනීමට එහි සාමාජික රටවල් අතර එකඟතාවක් ඇතිකර ගෙන තිබිණි.
පරිසර සම්මාන ප්‍රදානය කිරීමද මෙහිදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
නිරෝෂා ප්‍රියදර්ශනි
Reply To:
Name - Reply Comment
0 Comments