2017 රාජ්‍ය චිත්‍ර මූර්ති උළෙල ජූලි 20දා
- 2017-07-18 12:22:17
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2017 රාජ්‍ය චිත්‍ර මූර්ති උළෙල 2017 ජූලි 20දා පස්වරු 5.00 ට කොළඹ 07, නෙළුම් පොකුණ රඟහලේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. චිත්‍ර, මූර්ති, ස්ථාපන හා මුද්‍රණ විදි යන ප්‍රධාන අංශ හතර යටතේ මෙවර 2017 රාජ්‍ය චිත්‍ර මූර්ති සම්මාන උළෙල පැවැත්වෙන අතර ඒ සඳහා නිර්මාණ 350 ක් පමණ ලැබී තිබුණි. අවසන් වටයට තේරුණ නිර්මාණ 78 කින් සම්මානලාභීන් තෝරා ගෙන ඇත. අවසන් වටයට තේරුණ නිර්මාණ ප්‍රදර්ශනය කොළඹ 07 සෞන්දර්යය විශ්විද්‍යාලයේ දෘශ්‍ය කලා පීඨයේ ජේ.ඩී.ඒ. පෙරේරා කලාගාරයේ දී එදින ප.ව. 4.00 ට විවෘත කරනු ලබන අතර එය එදින සිට 25දා දක්වා පෙ.ව. 9.00 සිට ප.ව. 7.00 දක්වා ප්‍රදර්ශනය කෙරේ. චිත්‍ර හා මූර්ති ශිල්පීන් රාජ්‍ය මට්ටමින් අගය කිරීම සඳහා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා රාජ්‍ය දෘශ්‍ය කලා උපදේශක මණ්ඩලය එක්ව රාජ්‍ය චිත්‍ර මූර්ති උළෙල සංවිධානය කරනු ලබයි.
Reply To:
Name - Reply Comment
0 Comments