2017 වසරට පෙළපොත් බෙදා දෙයි
- 2017-01-05 16:35:24
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2017 වසර සඳහා පෙළපොත් බෙදාදීමේ ජාතික මහෝත්සවය අද (05දා) කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේදී පැවැත්විණ. ඉදිරියේදී තෝරාගත් විෂයයන් කිහිපයක් සඳහා ඉලෙක්ට්‍රොනික් පෙළපොත් සකස් කිරීමට නියමිත බවත්, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන සියලු පෙළපොත්වල මෘදු පිටපත් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් බාගත කරගැනීමේ හැකියාව සලසා දී ඇති බවත් මෙහිදී අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.
එසේම 2017 වර්ෂය තුළදී ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය දැවැන්ත හැරවුමකට ලක්කරන බවත්, ඒ අනුව පාසල් අධ්‍යාපනයට අදාළව ප්‍රතිසංස්කරණ රැසක් ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කරන බවත්ය.එසේම අ.පො.ස. උසස් පෙළ හා අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා වසරේ නිශ්චිත දිනයන් ප්‍රකාශයට පත්කිරීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා එහිදී පවසා සිටියේය.
එමෙන්ම 2017 වසර සඳහා පළමු වසරට ළමුන් ඇතුළත් කිරීමේදී චක්‍රලේඛ අනුව කටයුතු සිදුනොකරන පිරිස්වලට එරෙහිව තරාතිරම නොබලා කටයුතු කරන බවත්, දේශපාලන සම්බන්ධතා හෝ හිතවත්කම් මත කිසිවෙකුට විශේෂත්වයක් නොදක්වන බවත් ඔහු කියා සිටියේය.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments