2018දී අලුත් ක්ෂය රෝගීන් 8258ක්
- 2019-03-19 14:07:19
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2018 දී ශ්‍රී ලංකාව තුළ අලුතෙන් ක්ෂය රෝගීන් 8258ක් සොයාගෙන ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කරයි. මෙයින් රෝගීන් 5827ක්ම පෙනහළු ආශ්‍රිතව ක්ෂය රෝගය වැළඳුණ පුද්ගලයන් වන බවත් එම කාර්යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
මෙසේ සොයාගන්නා ලද රෝගීන්ගෙන් වැඩිම ප්‍රතිශතයක් එනම් 40%ක් පමණ සොයාගෙන ඇත්තේ බස්නාහිර පළාතෙන් බවත් ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි. බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කය තුළ පමණක් ක්ෂය රෝගීන් 25%ක් හඳුනාගෙන ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි.
බිඳිති ආසාදනයෙන් බෝවන රෝගයක් වන ක්ෂය රෝගය පැතිරයාම වළක්වා ගැනීම සදහා මහජන සහාය අවශ්‍ය බවත් රෝගය වැළඳුණ පුද්ගලයන් කඩිනමින් ප්‍රතිකාර සඳහා යොමු විය යුතු බවත් ඔවුන් සඳහන් කරයි.
Reply To:
Name - Reply Comment
0 Comments