Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

වසර 2020  වනවිට ශ්‍රී  ලංකාවේ විදුලි දුම්රිය සේවාවක් ආරම්භ කිරීමට සැළසුම් කර ඇතැයි  ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය උපුටා දක්වමින් ලංකාදීපය වාර්තාකරයි. මෙහි සැලසුම් කටයුතු ලබන වසරේදී ආරම්භ කිරීමට නියමිත අතර එහි ඉදිකිරීම් ලබන දෙසැම්බරයේ සිට ඇරඹීමට සැලසුම් කර ඇතැයි ද අමාත්‍යාංශය කියයි. මෙම ව්‍යාපෘතියේ මුල් අදියර යටතේ වේයන්ගොඩ සිට පානදුර, වේයන්ගොඩ සිට පොල්ගහවෙල, රාගම සිට මීගමුව, කැළණිවැලි මාර්ගයේ මරදාන සිට හෝමාගම දක්වාත් විදුලි දුම්රිය සේවාව ආරම්භ කිරීමට නියමිතය. පැයට කිලෝ මීටර් 100 ක ධාවන වේගයකින් ගමන් කළ හැකිවන පරිදි දුම්රිය මාර්ගය නවීකරණය කිරීම, නවීන විදුලි සංඥා පද්ධතියන් සවිකිරීම, ස්වයංක්‍රිය දුම්රිය ආරක්ෂක තිරිංග පද්ධතියක් හා නව දුම්රිය ස්ථාන 04 ක් ඉදිකිරීම මෙන්ම කොළඹ කොටුව සිට පානදුර දක්වා දුම්රිය මාර්ග3ක්  මරදාන සිට රාගම දක්වා දුම්රිය මාර්ග 4 ක් හා මරදාන සිට හෝමාගම දක්වා දුම්රිය මාර්ග 2 ක් ඉදිකිරීම ද සිදුවන බව එම ව්‍යාපෘති අධ්‍යක්ෂ පාලිත සමරසිංහ මහතා පැවසීය.(ලංකාදීප)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.