Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

2020 වසර වෙනුවෙන් රජයේ සියලු පාසල් සහ පිරිවෙන් සිසුන් වෙත නිල ඇඳුම් තිළිණපත් බෙදාහැරීමේ කටයුතු මේ වනවිට අවසන් කර තිබේ.

ඒ අනුව හෙට (08) සිට දිවයින පුරා සියලු පාසල් වෙතින් සිසුදරුවන්ට මෙම තිළිණපත් ලබාගැනීමේ අවස්ථාව සැලසෙනු ඇත.

මෙම වර්ෂයේ පාසල් නිල ඇඳුම් සඳහා රජය වැය කර ඇති මුදල රුපියල් මිලියන 2,900ක් වන අතර, කාණ්ඩ 11කින් සමන්විතව මෙවර නිල ඇඳුම් තිළිණපත් මුද්‍රණය කර තිබේ.

රුපියල් 440, 525, 580, 645, 730, 745, 795, 850 1,065, 1,375, 1,800  වශයෙන් සිසුන්ගේ ශ්‍රේණි මට්ටම් අනුව තිළිණපත් වටිනාකම තීරණය කර ඇත. තිළිණපත් මිලියන 4.2ක් 2020 වර්ෂය සඳහා මුද්‍රණය කර ඇති අතර දීපව්‍යාප්ත සියලු පාසල් දරුවන් වෙනුවෙන් එම තිළිණ පත් ලබාදීමට පියවර ගැනේ.

මීට සමගාමීව දුෂ්කර, අතිදුෂ්කර හා ශිෂ්‍ය සංඛ්‍යාව 100ට අඩු සියලු පාසල්වල සිසුදරුවන් වෙත පාවහන් මිලදි  ගැනිම සඳහා තිළිණපත් ලබාදීමට ද අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පියවර ගෙන තිබේ. ඒ අනුව 2005/1 සහ 2006/43 චක්‍රලේඛ ප්‍රකාරව පළාත් හා කලාප අධ්‍යාපන කාර්යාල විසින් දුෂ්කර හා අතිදුෂ්කර පාසල් ලෙස තෝරා දී ඇති පාසල් 4,690ක සිසුන්ට පාවහන් සඳහා තිළිණපත් ලබාදීමට කටයුතු යොදා ඇත.

මේ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය රුපියල් මිලියන 958ක මූල්‍ය පිරිවැයක් දරා ඇත. පාවහන් තිළිණපත් ලක්ෂ 7ක්  ඒ අනුව හඳුනාගත් පාසල් දරුවන් වෙත පිරිනැමේ. පාවහන් සඳහා ලබාදි ඇති තිළිණපත් 1-3 ශ්‍රේණි සඳහා රු 1200ක්, 4-5 ශ්‍රේණි සඳහා රු 1300ක් 6-9 ශ්‍රේණි සඳහා රු 1400ක්, 10-13 ශ්‍රේණි සඳහා රු 1500ක් වශයෙන් කාණ්ඩ 4ක් යටතේ නිකුත් කර තිබේ.

මින්පෙර අවස්ථාවල දේශපාලඥයින්ගේ ඡායාරූප සහිතව නිකුත් කර තිබූ තිළිණපත්  වෙනුවට පාසල් සිසුදරුවන්ගේ ඡායාරූපයක් ඇතුළත් කර සියලු තිළිණපත් නිර්මාණය කර තිබීම ද මෙවර සුවිශේෂත්වයකි.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.