වසරේ මුල් මාස 04 තුළ දී විදෙස් සංචාරකයින් 888,353 ක් ශ්‍රී ලංකාවට
- 2018-05-22 14:07:23
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මේ වසරේ මුල් මාස 04 තුළ දී විදෙස් සංචාරකයින් 888,353 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම දත්ත වාර්තා නිකුත් කරමින් සදහන් කර සිටී. එම සංඛ්‍යාව ඉකුත් වසරේ මුල් මාස 04 දී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව වූ 765,202 ට වඩා සියයට 16.1ක වර්ධනයක් මේ වසරේ වසරේ මුල් මාස 04 දී වාර්තා වී තිබෙන බවද එම අධිකාරිය පෙන්වා දේ. ඒ අනුව ජනවාරි මාසයේදී සංචාරකයින් 238,924 ක්ද , පෙබරවාරි මාසයේදී සංචාරකයින් 235,618 ක්ද ,මාර්තු මාසයේදී 233,382 ක්ද සහ අප්‍රෙල් මාසයේදී 180,429 ක්ද මෙරටට පැමිණ තිබේ. මෙහිදී අප්‍රේල් මාසය තුළ දී 180,429 ක සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර එය ඉකුත් වසරේ අප්‍රේල් මාසයේ දී පැමිණි සංචාරකයින් සංඛ්‍යාව වූ 160,249 හා සැසඳීමේ දී සියයට 12.6 ක ඉහළ යාමකි.
පසුගිය අප්‍රෙල් මාසයේදී ශ්‍රී ලංකාවට වැඩියෙන්ම සංචාරකයින් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි.එම සංඛ්‍යාව 29,86ද කි. බ්‍රිතාන්‍යයෙන් සංචාරකයින් 26,063 ක්ද ,චීනයෙන් 17 ,462 ක්ද ,ඕස්ට්‍රේලියාවෙන් 14 ,023 ක් ද ,ජර්මනියෙන් 10,803 ක්ද , ඇමෙරිකාවෙන් 8679 ක්ද වැඩි වශයෙන් මෙරටට පැමිණ ඇත.
මීට අමතරව ප්‍රංශයෙන් සංචාරකයින් 7411 ක්ද , මාලදිවයිනෙන් 5696 , කැනඩාවේ 4972 ක්ද , රුසියාවෙන් සංචාරකයින් 4027 පැමිණ ඇත.
( තිළිණි ද සිල්වා )
Reply To:
Name - Reply Comment
0 Comments