Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857


මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් දකුණු පළාත තුළ ක‍්‍රියාත්මක කරන ප‍්‍රධානතම පුරාවිද්‍යා ව්‍යාපෘතියක් වශයෙන් රම්බා විහාර ව්‍යාපෘතිය හැඳින්විය හැක. දිඟු ඉතිහාසයකින් යුත් මානාවුළුපුර අගනගරයහි පිහිටි ප‍්‍රධාන ආගමික මධ්‍යස්ථානය ලෙස රම්බා විහාරය හැඳින්වේ. අතීත ඉතිහාසගත සන්ධිස්ථානවලදී වරෙක දියුණුවෙමින් ද තවත් වරෙක විනාශයට පත්වෙමින් ද පැවත ආ විහාරයක් බව විද්වත් මතයයි. මෙම ප‍්‍රදේශයේ කෙසෙල් බහුලව තිබූ නිසා රම්බා විහාරය යන නම ලැබුණ බව ද ජනප‍්‍රවාදයෙහි සඳහන් වන අතර ශ‍්‍රී දළදා හා පාත‍්‍රා ධාතූන් වහන්සේලා ද මෙම විහාරය තුළ තැන්පත් කර තිබූ බව මූලාශ‍්‍ර තොරතුරු මගින් දැක්්වේ.
රම්බා විහාර පරිශ‍්‍රයේ පිටත ප‍්‍රාකාර බැම්මේ උතුරු දිශාවට විහිදුන ආරාම සංකීර්ණයක් යැයි අනුමාන කෙරෙන ගොඩනැගිල්ලක කැණීම් තුළින් මෙම කාසි සමූහය හමු වී ඇත.දිගින් මීටර් 23. 9 ක් හා පළලින් මීටර් 4.5 ක් පමණ වන මෙම ගොඩනැගිල්ලේ මධ්‍යයට වන්නට ස්ථාපිත කොට තිබූ පහන් කණුවක පාදස්ථ කොටසක් සම`ග එම කාසි මතු වී ඇත.
මෙම කාසි ගුලියක් ආකාරයට පස් සමග එකට බැඳි තිබූ අතර සංඛ්‍යාත්මකව ගත්කල 231 කි. මෙම කාසි අතර පොළොන්නරු යුගයට අයත්,
 ලීලාවතී රැුජින විසින් නිකුත් කරන ලද කාසි
 චොඩගංඟදේව රජු විසින් නිකුත් කරන ලද කාසි
 සාහස්සමල්ල රජු විසින් නිකුත් කරන ලද කාසි
යනුවෙන් කාසි වර්ග තුනක් හඳුනාගෙන ඇත.
මෙම කාසි වර්ග අතර පහත අනන්‍යතා ලක්‍ෂණ දැකිය හැක.
චොඩගංඟදේව රජු විසින් නිකුත් කරන ලද කාසි
මෙම රජු ක‍්‍රි.ව. 1196-1197 කාලයේදී රාජ්‍ය පාලනය විචාරා ඇති අතර මෙම රජු විසින් නිකුත් කරන ලද කාසිවල අභිමුඛයේ මුහුණ වම්පසට හරවා ගෙන සිටින පත්ම නිධි රූපය වේ. වැලමිට ළගින් මුහුණ දෙසට නවා ගෙන සිටින වමත මත මලක සලකුණකි. ධෝතිය ඇඳගෙන සිටින අතර නෙළුම් දඬුවක් මත සිටගෙන සිටී. වම් අතට පහළින් බිංදු පහක සලකුණකි. දකුණතට පහළින් ශ‍්‍රී මත්ස සලකුණකි. එයට පහතින් පහනකට සමාන සලකුණක් හඳුනාගත හැකිය.
ප‍්‍රතිමුඛයේ ආසනයක් මත උක්කුටයෙන් හිඳගෙන සිටින රූපයකි. වමත මත සංඛ සලකුණක් ද වේ. ශ‍්‍රී චොඩගඟ දේව යනුවෙන් සංස්කෘත අකුරෙන් ලියා ඇත.
ලීලාවතී රැුජින විසින් නිකුත් කරන ලද කාසි
මෙම රැජින ක‍්‍රි.ව. 1197-1212 කාලයේ රාජ්‍ය විචාරා ඇති අතර එම බිසව විසින් නිකුත් කරන ලද කාසිවල අභිමුඛයේ් මුහුණ වම්පසට හරවා ගෙන සිටින පත්ම නිධි රූපය වේ. වැලමිට ළඟින් මුහුණ දෙසට නවාගෙන සිටින වමත මත මලක සලකුණකි. ධෝතිය ඇඳගෙන සිටින අතර නෙළුම් දඬුවක් මත සිටගෙන සිටී. වම් අතට පහළින් බිංදු පහක සලකුණකි. එයට පහතින් පහනකට සමාන
සලකුණක් හඳුනාගත හැකිය. කාසිය වටා පබළු රටා සීමාවක් අභිමුඛයේ මෙන්ම ප‍්‍රතිමුඛයේ ද හඳුනාගත හැකිය.
ප‍්‍රතිමුඛයේ ආසනයක් මත උක්කුටයෙන් හිඳගෙන සිටින රූපයකි. වැලමිට ළඟින් නවාගෙන සිටින වමත මත සංඛ සලකුණය. දකුණු පාදයේ දණහිස මත දකුණත තබාගෙන සිටියි. ශ‍්‍රී රාජ ලීලාවතී යනුවෙන් සංස්කෘත අකුරෙන් ලියා ඇත.
සාහස්සමල්ල රජු විසින් නිකුත් කරන ලද කාසි
ක‍්‍රි.ව. 1200-1202 කාලයේ රාජ්‍ය විචාරා ඇති මෙම රජු විසින් නිකුත් කරන ලද කාසිවල අභිමුඛයේ මුහුණ වම්පසට හරවාගෙන සිටින පත්ම නිධි රූපය වේ. වැලමිට ළ`ගින් මුහුණ දෙසට නවාගෙන සිටින වමත මත මලක සලකුණකි. ධෝතිය ඇඳගෙන සිටින අතර නෙළුම් දඬුවක් මත සිටගෙන සිටී. වම් අතට පහළින් බිංදු පහක සලකුණකි. දකුණතට පහළින් ශ‍්‍රී මත්ස සලකුණකි. එයට පහතින් පහනකට සමාන සලකුණක් හඳුනාගත හැකිය. කාසිය වටා පබළු රටා සීමාවක් අභිමුඛයේ මෙන්ම ප‍්‍රතිමුඛයේ ද හඳුනාගත හැකිය.
ප‍්‍රතිමුඛයේ ආසනයක් මත උක්කුටයෙන් හි`දගෙන සිටින රූපයකි. වැලමිට ළඟින් නවාගෙන සිටින වමත මත සංඛ සලකුණය. දකුණු පාදයේ දණහිස මත දකුණත තබාගෙන සිටියි. ශ‍්‍රී රාජ ශ‍්‍රීමත් සහස්සමල්ල යනුවෙන් සංස්කෘත අකුරෙන් ලියා ඇත. හමුවී ඇති මෙම කාසි සමූහය ඉදිරියේදී විධිමත් රසායනික සංරක්‍ෂණයකට ලක්කිරීමට කටයුතු යොදා ඇති අතර ඉන් පසු රම්බා විහාර භූමියේ ස්ථාපිත කෙරෙන කෞතුකාගාරයක තැන්පත් කොට අනිකුත් පුරාවස්තු සමග ජනතාව වෙත ප‍්‍රදර්ශනය කිරීමට අපේක්‍ෂිතය. මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය ප‍්‍රිශාන්ත ගුණවර්ධන මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම් මත මෙම සියලු කටයුතු ක‍්‍රියාත්මක කෙරේ.
(මාධ්‍ය අංශය-මධ්‍යම සංස්කෘතික අරමුදල)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.