Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

අ.පො.ස. (සා.පෙළ) විෂය නිර්දේශයෙන් ඉතිහාසය, ආගම හෝ භාෂාව ඉවත් කිරීමට කටයුතු කරමින් පවතින බවට ඇතැම් කණ්ඩායම් ගෙන යන අසත්‍ය ප්‍රකාශ පිළිකුලෙන් යුක්තව හෙළා දකන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

 එමෙන්ම පාසල් දරුවන්ගේ අධ්‍යාපනය සමඟ දේශපාලනය පටලවා ගනිමින් ඇතැම් කණ්ඩායම්  සිදුකරන මෙවැනි පදනම් විරහිත ප්‍රකාශයන් මගින් රටේ ඇතැම් ජනතාව පමණක් නොව ඇතැම් විට මහා සංඝරත්නයද නොමග යවා ඇතැයිද ඔහු පවසයි.

“පාසල් විෂය නිර්දේශයෙන් ඉතිහාසය, ආගම හෝ භාෂාව වැනි විෂයන් ඉවත් කිරීම පිළිබඳ කිසිදු තීරණයක් අධ්‍යාපන අමාත්‍යාංශය හෝ ජාතික අධ්‍යාපන ආයතනය විසින් ගෙන නොමැත. මේ පිළිබඳව සමාජය තුළ සංවාදයක් ගොඩ නැගෙන්නේ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින් 2016 වසරේ ඉදිරිපත් කරන ලද යෝජනා මාලාව හේතුවෙනි. ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව, මෙරට  විෂයමාලා සම්පාදනය සිදු කරන ජාතික අධ්‍යාපන ආයතනයට හෝ අධ්‍යාපන අමාත්‍යාංශයට හෝ සෘජුව සම්බන්ධ ආයතනයක් නොවේ.

ඒ අනුව ප්‍රශ්නගත ඉතිහාස විෂය ඉවත්කර ඇති බවට ඇතැමුන් විසින් ප්‍රකාශ කරන යෝජනා ඇතුළත් ඉතිහාසය විෂයය යනුවෙන් නම සඳහන් නොවන හර විෂය 6ක් ඇතුළත් යෝජනාව කෙටුම්පත් කර ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සමයෙහි, එනම් 2013 වසරේදී පත් කරන ලද කමිටුවක් විසිනි. 

කෙසේ වෙතත් අදාළ යෝජනා මාලාව ශ්‍රී ලංකාවේ සාමාන්‍ය අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සඳහා යෝජනා යන මැයෙන් 2016 වසරේ දී මුද්‍රණය කොට 2017 වසරේ ජනවාරි මාසයේ දී වත්මන් ජනාධිපතිවරයා වෙත පිළිගන්වා තිබේ. කෙසේ වෙතත් අදාළ යෝජනා මාලාව ක්‍රියාත්මක කිරීමක් හෝ ඒ පිළිබඳ තීරණයක් ජාතික අධ්‍යාපන ආයතනය හෝ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මේ දක්වා ගෙන නොමැති බව ද දන්වනු කැමැත්තෙමි. කෙසේ වෙතත් අදාළ යෝජනාවේ පවා ඉතිහාසය විෂය ඉවත්කිරීමක් සිදුකර නොතිබුණු අතර පුරවැසි අධ්‍යාපනය, ප්‍රජා පාලනය, ඉතිහාසය සහ භූගෝල විද්‍යාව යන විෂයන් අන්තර්ගත කරමින් පුරවැසි අධ්‍යාපනය සහ සමාජ විද්‍යාව ලෙස විෂයක් යෝජනා කර තිබුණි. මෙවැනි කරුණු දඩමීමා කරගනිමින් සමාජ සංවේදී ජාතිකත්වය සහ ආගමික හැඟීම් අවුස්සන ආකාරයෙන් රටේ අධ්‍යාපනයේ කරුණු විකෘති කරමින් ඇතැම් කණ්ඩායම් ගෙන යන කරුණු දැක්වීම් කනගාටුදායකය.”.

නිරෝෂා ප්‍රියදර්ශනී

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.