ලෝක සාම දර්ශකයේදී ශ්‍රී ලංකාව ඉදිරියට
- 2018-06-28 10:38:12
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2018 වසර සඳහා වන ලෝක සාම දර්ශකයට අනුව ශ්‍රී ලංකාව පසුගිය වසරට සාපේක්ෂව ස්ථාන 5ක් ඉදිරියට පැමිණ දර්ශකයේ 67 වැනි ස්ථානයට පත්ව ඇත.
ශ්‍රී ලංකාව ලබා ඇති සමස්ත ලකුණු ප්‍රමාණය 1.954කි. එය පසුගිය වසරට සාපේක්ෂව -0.029 ක වර්ධනයකි.
ආර්ථිකය සහ සාමය පිළිබඳ ආයතනය විසින් ලොව පුරා රටවල් 163ක් සම්බන්ධයෙන් කරනු ලබ අධ්‍යයනයකින් පසුව මෙම දර්ශකය වාර්ෂිකව ප්‍රකාශයට පත් කරයි. .
දකුණු ආසියානු කලාපීය රටවල් අතරින් දෙවන ස්ථානයෙහි රැඳීමට ද ශ්‍රී ලංකාව සමත්ව ඇත. එහි දී දකුණු ආසියාවේ සාමකාමීම රට වශයෙන් ශ්‍රී ලංකාවට ඉදිරියෙන් සිටින්නේ සමස්ත ලකුණු1.545ක් ලබා ගෙන දර්ශකයේ 19 වන ස්ථානයෙහි පසුවන භූතානය පමණක් වීම විශේෂත්වයකි. නේපාලය, බංග්ලාදේශය, ඉන්දියාව, පාකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය යන රටවල් සිටින්නේ ශ්‍රී ලංකාවට වඩා පහළිනි.
2018 ලෝක සාම දර්ශකය අනුව ලෝකයේ සාමකාමිත්වය 0.27%කින් පහත වැටී ඇත. ඒ අනුව රටවල් 92ක සාමකාමිත්වය පහළට වැටී ඇති අතර, සාමකාමීත්වයෙහි වර්ධනයක් පෙන්නුම් කරනුයේ රටවල් 71ක පමණකි.
2008 වසරේ සිට අඛණ්ඩවම ලෝකයේ වඩාත් සාමකාමී රට බවට පත්ව සිටින්නේ අයිස්ලන්තයයි. ඊළඟට පිළිවෙළින් නවසීලන්තය, ඔස්ට්‍රියාව, පෘතුගාලය සහ ඩෙන්මාර්කය මුල් ස්ථාන වල රැඳී සිටියි. ලෝකයේ අඩුවෙන්ම සාමකාමී රට බවට පත්ව තිබෙන්නේ සිරියාවයි.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments