27 දා හා 28 දා පාසල් පිරිසුදු කරයි
- 2016-12-21 15:22:29
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත නව පාසල් වාරය ආරම්භ කිරීමට ප්‍රථම දිවයින පුරා සියලුම පාසල් පරිශ්‍ර පරීක්ෂා කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.
ඩෙංගු මදුරු කීටයින් බෝවන ස්ථාන විනාශ කර දූමායනය කටයුතු සිදුකිරීම මෙහි අරමුණයි. ඒ අනුව ලබන 27 සහ 28 දෙදින පාසල් පවිත්‍ර කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මදුරු මර්දන ඒකකය කටයුතු යොදා ඇත.
විශේෂයෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයේ සහයෝගය ද මෙම වැඩපිළිවෙළ සඳහා ලැබී තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල සහ කල්මුණේ යන දිස්ත්‍රික්කවල පිහිටි පාසල් කෙරෙහි වැඩි අවධානය මෙහිදී යොමු කරනු බවත් එම දිස්ත්‍රික්කවලින් ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වීම ඊට හේතුව බවත් අමාත්‍යාංශය සඳහන් කරයි
ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ සෞඛ්‍ය සේවකයන්ගෙන් සමන්විත කණ්ඩායම් 640ක් එම දිස්ත්‍රික්කවල පාසල් පරීක්ෂා කිරීමට හා දූමායනය කටයුතු සිදු කිරීම සඳහා යොමු කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි. සෙසු ප්‍රදේශවල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මගින් පාසල් පරීක්ෂාව සහ දූමායනය කටයුතු කිරීම සිදුකරනු ලබයි.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments