ශ්‍රී පාද සමය උඳුවප් පොහොයෙන් ඇරඹේ
- 2018-12-11 13:13:38
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රි පාද පත්මය පිහිටුවා වසර 2600 ක් සපිරිම නිමිත්තෙන් 2018-2019 ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ වන උදුවප් පොහෝ දිනයේ ශ්‍රිපාද මළුවේ විශේෂ පින්කම් රුසක් සිදු කරන බව ශ්‍රි පාදස්ථානාධිපති රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති පැල්මඩුල්ල රජමහා විහාරයේ විහාරාධිපති පුජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක හිමියන් නිවේනයක් නිකුත් කරමින් කියා සිටිති.
මේ මස 20 දින අලුයම ගල්පොත්තාවෙල ශ්‍රි පාද රජ මහ විහාරස්ථානයේ ශ්‍රි සුමන සමන් දේවාලය විවෘත කොට එදින පස්වරු 6 සිට පසුදා පහන් වන තුරු සධාතුක කරඩුව, සමන්දේව ප්‍රතිමාවන් සහ දේවාභරණ වලට චාරිත්‍ර විධි පවත්වා බැතිමතුන්ට පුජා වන්දනා අවස්ථාව ලබාදෙන බවයි ශ්‍රිපාදස්ථානාධිපති හිමියන් නිකුත් කල නිවේදනයේ දැක්වෙයි.
මේ මස 21 වෙනි දින පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රජමහා විහාරස්ථානයේ සිට සර්වඥ ධාතු සහිත කරඩුව සහිත සමන් දේව ප්‍රතිමාව රැගත් රිය පෙරහැර රත්නපුර රජමාවත ඔස්සේත්, රත්නපුර අවිස්සාවේල්ල යටියන්තොට හැටන් මාර්ගය ඔස්සේත් පැල්මඩුල්ල බලංගොඩ බගවන්තලාව මස්කෙලිය මාර්ගය ඔස්සේත් ශ්‍රිපාද උඩු මළුව දක්වා වැඩම කර උදුවප් පොහො දිනයෙන් ශ්‍රිපාද වන්දනා වාරය ආරම්භ කරන බවයි ශ්‍රි පාදස්ථාධිපති හිමියන් මෙම නිවේදනයෙන් කර ඇත්තේ.
බෞද්ධ සිරිත් අනුගමනය කරමින් පරිසර හිතකාමි ලෙස ශ්‍රි පාද වන්දනාව සිදු කරන ලෙස ශ්‍රිපාදස්ථානාධිපති හිමියන් සියළුම ශ්‍රි පාද වන්දනාකරුන්ගෙන් ඉල්ලා සිටියි.
හැටන් රංජිත් රාජපක්ෂ
Reply To:
Name - Reply Comment
0 Comments