Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ලෝකයේ සතුටින්ම සිටින ජනතාවක් ජිවත්වන රටවල් අතර ශ්‍රී ලංකාවේ ස්ථානය සැළකිය යුතු ප්‍රමාණයකින් පහළ ගොස් තිබේ. ඒ අනුව  ලෝකයේ සතුටින්ම සිටින රටවල් පිළිබඳව නිකුත් කරන දර්ශකයේදි ශ්‍රී ලංකාව 2018 වසරට සාපෙක්ෂව 2019 වසරේදී ස්ථාන 14ක් පසුපසට ගොස් තිබේ.

2018 වසරේදි එම දර්ශකයේදී ශ්‍රී ලංකාව 116 වැනි ස්ථානයේ පසුවූ අතර 2019 වසරේදී ශ්‍රී ලංකාව 130 දක්වා පහළ ගොස් තිබේ. 2015-2017 සාමාන්‍යයක් ලෙස ගන්නා විටද ශ්‍රී ලංකාව 116 වැනි ස්ථානයේ පසුවෙයි.

2019 වසරේදී මෙම දර්ශකය ගණනය කිරීම සඳහා රටවල් 156ක් යෙදාගෙන තිබේ. මෙම දර්ශකයේ පළමු ස්ථානය 2018 දී මෙන්ම මේ වසරේදිත් ෆින්ලන්තය හිමිකරගෙන තිබේ. ආයු අපේක්ෂාව, නිදහස, දළ දේශීය නිෂ්පාදිතය හා දූෂණය වැනි කරුණු යොදාගනිමින් මෙම දර්ශකය ගණනය කරයි. මෙහි මුල්ස්ථාන 10 අතර පසුව රටවල් 10න් රටවල් 8ක්ම යුරෝපා මහාද්වීපයට අයත් රටවල් විසින් හිමිකර ගෙන තිබේ.

අවසන් රටවල් 10 අතර පසුවන රටවල්වලින් බොහෝමයක් අප්‍රිකානු මහාද්වීපයේ රටවල් වෙයි.

ලෝකයේ සතුටුම රටවල් 10

01 - ෆින්ලන්තය

02 - ඩෙන්මාර්කය

03 - නෝර්වේ

04 - අයිස්ලන්තය

05 - නෙදර්ලන්තය

06 - ස්විට්සර්ලන්තය

07 - ස්වීඩනය

08 - නවසීලන්තය

09 - කැනඩාව

10 - ඔස්ට්‍රියාව

ලෝකයේ අසතුටුම රටවල් 10

156 - දකුණු සුඩානය

155 - මධ්‍යම අප්‍රිකානු ජනරජය

154 - ඇෆ්ගනිස්ථානය

153 - ටැන්සානියාව

152 - යෙමනය

151- මලාවි

149 - සිරියාව

148 - බොස්වානා

147 - හයිටි

146 - සිම්බාබ්වේ

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.