ශ්‍රී පාද වන්දනා වාරය අවසන්
- 2019-05-20 13:09:25
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී පාද උඩමළුවේ ඊයේ (19) අලුයම පැවැති ආගමික වතාවත්වලින් අනතුරුව 2018 -2019 ශ්‍රී පාද වන්දනා වරාය අවසන් කළ බව ශ්‍රී පාදස්ථානාධිපති පැල්මඩුල්ල රජමහ විහාරාධිපති සබරගමු පළාතේ ප්‍රධාන සංඝනායක සහ ඌවවෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති බෙන්ගමුවේ ධම්මදින්න නා හිමියෝ පැවසූහ.
ශ්‍රී පාද උඩමළුවේ තැන්පත් කර තිබු සදාතුක කරඬුව සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ ශ්‍රී පාද උඩ මළුවේ සිට පැල්මඩුල්ල රජ මහ විහාරස්ථානය දක්වා මාර්ග තුනක් ඔස්සේ වැඩම කිරීම ෙඊයේ (19දා) සිදු කෙරිණි.
පැල්මඩුල්ල රජ මහ විහාරස්ථානයේ ගමන් මාලිගාව තුළ තැන්පත් කර තිබෙන සදාතුක කරඬුව, සමන්දේ ප්‍රතිමාව සහ දේවාභරණ අද (20දා) රිය පෙරහරක් මගින් පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රජමහ විහාරස්ථානය දක්වා වැඩම කර 2019/2020 ශ්‍රී පාද වන්දානා වාරය ආරම්භ වන තෙක් එහි තැන්පත් කර තැබීමට නියමිත බවද බෙන්ගමුවේ ධම්මදින්න නා හිමියෝ පැවසූහ.
Reply To:
Name - Reply Comment
0 Comments