ගුවන්තොටුපොළ අවට සරුංගල් යවන්න එපා
- 2019-08-14 15:31:55
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකාව තුළ පිහිටි ජාත්‍යන්තර සහ අභ්‍යන්තර ගුවන් තොටුපළ අවට ඉහළ අහසේ කිලෝ මීටර් 05 ප්‍රමාණයක සරුංගල් යැවීම නීතිවිරෝධී සහ දඬුවම් ලැබිය හැකි වරදක් බව ගුවන් තොටුපළ කළමනාකරු එච්.එස්.හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කරයි.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ , මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපළ මෙන්ම රත්මලාන , පලාලි , සීගිරිය , කොග්ගල ආදී අභ්‍යන්තර ගුවන් තොටුපළ වලට ද මෙය වලංගු වන බව මෙම ප්‍රකාශකවරයා පැවසීය.
මෙම ගුවන් තොටුපළ අවට ප්‍රදේශ වල සිට ගුවනට යවනු ලබන සරුංගල් සහ ඒවායේ නූල් ගුවන් යානා වල අවර පෙති වල, ජෙට් ඇන්ජින් වල සහ අනෙකුත් විවිධ කොටස් වල පැටලීමෙන් සහ ගැටීමෙන් එම ගුවන් යානා වලට හානි සිදු වී ගුවන් අනතුරු ද ඇති විය හැකි බව හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.
Reply To:
Name - Reply Comment
0 Comments