ජාත්‍යන්තර පාසල් නියාමනය කිරීම අධ්‍යාපන අමාත්‍යාංශයට
- 2019-08-20 18:21:48
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මේ වනවිට සකස් කර අවසන් වී තිබෙන නව අධ්‍යාපන පනතින් ජාත්‍යන්තර පාසල් හා වෙනත් පාසල් නියාමනය කිරීමේ බලය අධ්‍යාපන අමාත්‍යාංශයට පැවරෙන බව අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
අද (20) පාර්ලිමේන්තුවේ දී ඔහු මේ බව ප්‍රකාශ කළේය.
ජාත්‍යන්තර පාසල් වර්තමානයේ පවත්වාගෙන යනු ලබන්නේ සමාගම් පනත හෝ ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ ආඥා පනත යටතේ සමාගමක් හෝ ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි කිරීමෙන් නිසා එම පාසල් පිළිබඳව නිවැරැදි තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශය සතු නොවන බව ද අමාත්‍යවරයා පැවසීය.
අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ජාත්‍යන්තර පාසල් ලියාපදිංචි කර නොමැති බැවින්, ඒවාට ගුරුවරුන් බඳවා ගැනීම, ගාස්තු අය කිරීම, නියාමනය වැනි කරුණු සොයා බැලීමට අධ්‍යාපන අමාත්‍යාංශයට බලය නැති බව ද පැවසූ අමාත්‍යවරයා මේ වනවිට සම්පාදනය කොට අවසන් ව තිබෙන නව අධ්‍යාපන පනතින් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර හා පෞද්ගලික පාසල් ඇතුළු සියලුම වර්ගයේ පාසල් නියාමනයේ බලය අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පැවරෙන බව ද පැවසීය.
මද්‍රසා පාසල් නියාමනය අධ්‍යාපන අමාත්‍යාංශය යටතට ගැනීම සඳහා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර ගෙන යන බව ද අධ්‍යාපන අමාත්‍යවරයා මෙහිදි වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
බොහෝ මවුපියන් තම දරුවන් පෞද්ගලික පාසල්වලට ඇතුළත් කරන්නේ ඔවුන්ට ඒ සඳහා හැකියාවක් තිබෙන නිසාම නොව පදිංචිය ආසන්නයේ ජනප්‍රිය පාසල් සොයා ගැනීමට නොහැකි නිසා මෙන්ම තදබදය නිසා රජයේ පාසලකට ඇතුළත් කර ගැනීමට තිබෙන දුෂ්කරතා හේතුවෙන් බවත් සඳහන් කළ අමාත්‍යවරයා පළමු වැනි ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීමට ශක්තිමත් චක්‍රලේඛයක් සකස් කර ඇති අතර සියලුම ජාතික පාසල්වල 1 සහ 6 ශ්‍රේණි හැර අතර මැද පන්තිවල පුරප්පාඩු පිළිබඳව පුවත්පත් දැන්වීම් පළ කොට සම්මුඛ පරීක්ෂණ මගින් සුදුස්සන් බඳවා ගැනීමට ක්‍රියාකර ඇති බව ද පැවසීය.
Reply To:
Name - Reply Comment
0 Comments