Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ජාත්‍යන්තර විස්සයි20 පිටියේ පිට පිටම පන්දු හතරකදී කඩුලු 4ක් දවාගත් ලෝකයේ දෙවැනි පන්දු යවන්නා බවට ශ්‍රී ලංකා විස්සයි20 නායක ලසිත් මාලිංග වාර්තා අතරට එක්විය.

ඒ නවසීලන්තය හා පැවැත්වෙන තෙවැනි විස්සයි20 තරගයේදී තෙවැනි පන්දුවාරය යොමුකළ ලසිත් මාලිංග පිළිවෙළින් කොලින් මුන්රෝ, හමීෂ් රදර්ෆෝඩ්, කොලින් ඩි ග්‍රෑන්ඩ් හෝම් හා රොස් ටේලර් දවාගනිමින් මාලිංග මෙම දක්ෂතාව දැක්වීය.

 මුන්රෝ දවාගැනීමත් සමග මාලිංග විස්සයි20 කඩුලු 100 සම්පූර්ණ කළ අතර ලෝකයේ එවැනි දක්ෂතාවත් දැක්වූ පළමු පන්දු යවන්නා බවටද මාලිංග ලෝක වාර්තාවක් පිහිටවීය.

එසේම විස්සයි20 පිටියේදී මාලිංග ලබාගත් දෙවැනි කඩුලු ත්‍රිත්වය මෙය වන අතර ඒ අනුව එවැනි දක්ෂතාවක් දැක්වූ ලෝකයේ එකම පන්දු යවන්නාද මාලිංග වෙයි.

මාලිංග මීට පෙර එක්දින පිටියේදී පිට පිටම පන්දු හතරකදී දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන් හතරක් දවාගනිමින් ලෝක වාර්තාවක් පිහිටවීය.

ඒ අනුව විස්සයි20 පිටියේදී හා පන්දුවාර 50 තරගවලදී එවැනි දක්ෂතාවක් දැක්වූ ලෝකයේ එකම හා පළමු පන්දු යවන්නා වන්නේද මාලිංගයි.

නවසීලන්තය හා ශ්‍රී ලංකාව අතර පැවැති විස්සයි20 තරගය ශ්‍රී ලංකාව ලකුණු 37කින් ජයගැනීමටද සමත්විය.

කෙසේ වෙතත් තරගාවලිය 2-1ක් ලෙස නවසීලන්තය ජය ගත්තේය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.