Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ජාත්‍යන්තර ජල පීඩන රොකට් තරඟය සඳහා ශ්‍රී ලංකාවෙන් පාසල් සිසු සිසුවියන්  06 දෙනෙකු ජපානය බලා අද (22) පිටත්ව ගිය බව ආතර් සී.ක්ලාක් ආයතනයේ නියෝජ්‍ය අධක්ෂක (මධ්‍ය) චින්තන විජයවර්ධන මහතා සඳහන් කරයි. ආසියා ශාන්තිකර කලාපීය අභ්‍යවකාශ සංසදය සංවිධානය මඟින් 15 වන වරටත් පවත්වන මෙම තරගය ජපානයේ සගමිහාරා නුවර, කනගාවා හිදී හෙට(23) අනිද්දා (24) යන දිනයන්හි දී  පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

අභ්‍යවකාශ සහ තාරකා විද්‍යාව ශ්‍රී ලංකාව තුළ ප්‍රචලිත කිරීමේ පුරෝගාමී මෙන්ම කේන්ද්‍රීය ආයතනය වන නවීන තාක්ෂණ පිළිබද ආතර් සී ක්ලාක් ආයතනය මඟින් ශ්‍රී ලංකාවේ පාසල් දරුවන් සඳහා සංවිධානය කළ ජාතික ජල රොකට් තරඟයෙන් මුල් ස්ථාන දිනාගත් තරඟකරුවන් 6 දෙනා  මෙම ජාත්‍යන්තර තරඟ අවස්ථාව උදාකරගෙන ඇති බව විජයවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කරයි එම තරගකරුවන් පළමු ස්ථානයේ සිට පිළිවෙලින් මඩාටුගම ශ්‍රී රේවත මහා විද්‍යාලයේ කේ. ඩබ්. එස්. ජේ. බී කරදගොල්ල , කොළඹ ආනන්ද විද්‍යාලයේ ජවිරු පසන්ජිත් ජිනසේන, මාවතගොඩ රිවිසද මධ්‍ය මහා විද්‍යාලයේ ඩී. කේ. ඒ. ඩී. චතුරංග, නුවර ශ්‍රී චන්දානන්ද බෞද්ධ විද්‍යාලයේ යූ. ජී. දිදුල ආදිත්‍ය,   හලාවත ආනන්ද ජාතික පාසලේ බී. එම්. සචින්ත යශෝමාල් බාලසුරිය, ගාල්ල ශ්‍රී හෘදය කන්‍යාරාම බාලිකා විද්‍යාලයේ රුමානා රියසත්යන සිසු සිසුවියන් මෙම තරඟය සඳහා සහභාගී වෙති.

ශ්‍රී ලංකාවේ අභ්‍යවකාශ විද්‍යාව නංවාලීම අරමුණු කරගෙන ආතර් සී ක්ලාක් ආයතනය මීට අවුරුදු 14 කට පෙර ජල රොකට් හා ඒ හා සම්බන්ධ ක්‍රියාකාරකම් ශ්‍රී ලංකාවට හදුන්වාදී  තිබේ. ආතර් සී ක්ලාක් ආයතනය මගින්    ජපානය(2005), ඉන්දුනීසියාව(2006), ඉන්දියාව(2007), වියට්නාමය(2008), තායිලන්තය(2009), ඔස්ට්‍රේලියාව(2010), සිංගප්පුරුව(2011), මැලේසියාව(2012), වියට්නාමය(2013), ජපානය(2014), ඉන්දුනීසියාව(2015), පිලිපීනය(2016), ඉන්දියාව(2017) සහ සිංගප්පූරුව (2018)යන රටවල්වල පැවති තරඟ සදහා ශ්‍රී ලංකාවෙන් තරගකරුවන් 100 කට අධික පිරිසක් මෙම ජාත්‍යන්තර ජල රොකට් තරඟසඳහා සහභාගී කරවා ඇති අතර ඒවායින් සුවිශේෂී ජයග්‍රහණ රැසක්ද හිමි කරගෙන ඇත.

ඒ අනුව 2005වසරේදී ජපානයේ පැවති තරඟයෙන් 3 වන ස්ථානය දිනා ගැනීමත්2009 වසරේ දී තායිලන්තයේ පැවති තරගයෙන් 4 වන  සහ 5 වන ස්ථාන දිනා ගැනීමත්, 2015 වසරේ ඉන්දුනීසියාවේ පැවති තරගයෙන්2 වන ස්ථානය දිනා ගැනීමත්,2017 වසරේ දී ඉන්දියාවේ පැවති තරගයේ දී සහ 2018 වසරේ සිංගප්පූරුවේ පැවති තරගයේදී  ප්‍රථම ස්ථාන දිනා ගැනීමටත් ශ්‍රී ලංකාවට හැකිව ලැබී තිබේ. (මනෝජ් හර්ෂික) 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.